බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි අගල් කපන්න ගොස් ගැසූ අලි ගැහිල්ලක් ගැන විගණනය කියයි!

by editor
නොවැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • අලි අගල කැපිමේ ව්‍යාපෘතියට කෝටි තුනකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවලා. ඒත් ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයුම් වාර්තාවක්  ලබාගෙන  නැහැ.

  • ගොඩනැගිලි ඉදිකිරිමේ  මිල ගණන්   පදනම් කරගෙන ඇස්තමේන්තු සකස් කරලා.අගල් කැපීමේ  ඉංජිනේරු ඇස්තමේන්තුව කෝටි පහකට වැඩියි…

  • කපනු ලැබු අලි අගලේ කොටසක් පස්වලින් ගොඩවෙලා. පස් ඉවත් කිරිමට වර්ෂයකට  ආසන්න වශයෙන් කෝටි දෙකහමාරක් වැය කරාල.

  • අලි වැට වෙනුවට අලි අගලක් ඉදිකිරිම නිසා අලිවැට ඉදිකිරිමට වැය කළ  තිස්හත් ලක්ෂයක මුදල අපතේ  ගිහින්..

අලි මිනිස් ගැටුම  අවම  කිරීම හා ප්‍රචණ්ඩකාරි  අලි පාලනය කිරිමේ අරමුණින්  අලි අගලක්  කැපිම සඳහා  අදාල නොවන ගොඩනැගිලි ඉදිකිරිමේ මිල ගණන්  පදනම් කරගෙන ඇස්තමේන්තු සකස් කිරිම නිසා  නියමිත පිරිවැයට වඩා  රුපියල්  දෙකෝටි, අසුහතර ලක්ෂ, හැත්තෑ අට දහස්, හත්සිය තිස් හයක, මුදලක් (28,478,736,) වැඩිපුර ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

මෙකී තොරතුරු අනාවරණය වි ඇත්තේ ජාතික විගණන කාර්යාලය මගින් 2021 වර්ෂයට  අදාලව   වන  සත්ත්ව සංරක්ෂණ අරමුදල සම්බන්ධයෙන් කරනු ලැබු වාර්ෂික විගණන වාර්තාවෙනි. 

යෝජිත ලුණුගම්වෙහෙර, අලි රැඳවුම් මධ්‍යස්ථානය සදහා  මෙකී අලි අගල කැපිමේ ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි.

මෙම අලි අගල කැපීම සඳහා ගොඩනැගිලි ඉදිකිරීමේ  මිල ගණන්  පදනම් කරගෙන ඇස්තමේන්තු සකස් කර තිබීම හේතුවෙන්, වාර්මාර්ග ඉදිකිරීමේ මිල ගණන්  සමග  සැසඳීමේ දී  කියුබික්  මිටරයක,  ඇස්තමේන්තුව, රුපියල් 312කින් වැඩිවී තිබුණි. 

ඉංජිනේරු ඇස්තමේන්තුව, රුපියල්, හාරකෝටි, අනු පන් ලක්ෂ, තිස්හතර දහස් පනස් හයකින්,  (49,534,056) වැඩියෙන් සිදුකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ හේතුවෙන් කියුබික් මිටර් අනු එක් දහස්, දෙසිය හැත්තැ අටයි දශම බිංදුවයි නමයක් (91,278,.09) කැපීම සඳහා නියමිත පිරිවැයට වඩා  රුපියල්  දෙකෝටි  අසු හතර ලක්ෂ, හැත්තෑ අට දහස්  හත්සිය තිස් හයක, මුදලක් වැඩිපුර ගෙවා තිබුණි. නියමිත මිල ගණන් භාවිතා කොට , ඇස්තමේන්තු සකස්කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම කපනු ලැබු අලි අගල  භෞතික පරික්ෂාවේ දී  ආසන්න වශයෙන්  ඝන මිටර් 3000ක් පස්වලින් ගොඩවී තිබු අතර  ඒ අනුව පස් ඉවත් කිරීම සඳහා  රුපියල් දාහතර ලක්ෂ අනු හත් දහසක  මුදලක් වැය කිරීමට සිදුවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

භු විෂමතාවය නොසලකා  පස් කැපිම හේතුවෙන්  මෙසේ ගොඩවන පස් නැවත ඉවත් කිරීමට  වර්ෂයකට ආසන්න වශයෙන්  රුපියල්  දෙකෝටි පනස් හය ලක්ෂ  හැටතුන් දහස්  විසි හතරක (25,663,024) වැය කිරිමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල  තිරණයට අනුව  අලි වැටක් ඉදිකිරීමට කටයුතු කර  රුපියල් තිස් හත් ලක්ෂ අනු දෙදහස්  හාරසිය පනස් අටක  මුදලක්  (3,792,458) වැයකර තිබියදි, අගලක් නිර්මාණය කිරීමට අදාල පාර්ශවයක් කටයුතු කිරීම නිසා  අලි වැට සඳහා වැයකළ මුදල අපතේ ගොස් ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයුම් වාර්තාවක්  ලබාගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන්වේ.

කෙසේවුවද මෙකි ව්‍යාපෘතිය සඳ හා අනුමැතිය ලැබි ඇත්තේ රුපියල් මිලියන 862ක ඇස්තමේන්තුගත පිරිවැයකට, කොන්ක්‍රිට් කණුයොදා ගනිමින්  අලි වැටක් ඉදිකිරිම සඳහාය. මේ සදහා   2020 අප්‍රේල් මාසයේ දි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබුණි. ඉදිකිරිම් කටයුතු  ජාතික, යන්ත්‍රෝපකරණ  ආයතනය වෙත පවරා තිබුණි. 

කෙසේවුවද පසුව කරණු ලැබු වෙනස්කම් හේතුවෙන්  අලි වැට වෙනුවට  රුපියල්  මිලියන 304ක  ඇස්තමේන්තුගත පිරිවැයකට  අලි අගලක් කැපිමට තිරණය කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  මිල ගණන් සම්බන්දයෙන් ගනු ලැබු තිරණයන්  තනි පුද්ගල තිරණයක් නොවන බවය. අමාත්‍යංශ ලේකම් වනජිවි අධ්‍යක්ෂකජනරාල්   ඇතුළු කමිටුවක් මගින්  සාකච්ඡා කොට ගනුලැබු තිරණයක් බවය. 

එමෙන්ම  අලි අගල කැපිමේ දි  පසෙහි ස්ථායිතාවය, අඩු ස්ථාන  ඇති අතර  එහිදී හඳුනාගෙන ඇත්තේ  එම ස්ථානවලින්, ජලය කාණුව වෙත බැස යන බවයි. ජලය බැසයාම ක්‍රමවත් ලෙස  සිදුකිරීමෙන් අගලේ කඩාවැටිම වැලැක්විය හැකි මුල් අදියරේ  මෙම පිළිසකර කිරිම් සිදුකළ බවය. 

එමෙන්ම අගල් කැපිමට පෙර  විදුලි වැට ඉදිකිරීම සඳහා  පරිසරයට අවම හානි  වන පරිදි විදුලි වැට මාර්ගය  ශුද්ධ කිරිමට කටයුතු කර ඇති බව කළමණාකාරිත්වය විසින්  විගණනයට සඳහන් කොට ඇත. 

මේ නිසා අගල් කැපීමට පාරිසරික  ඇගයිමක්  සිදුකර නොමැති බව කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

Share69Tweet43
Previous Post

වසර 07ක් පැවති ග්ලයිෆොසේට් තහනම ඉවතට…

Next Post

මුස්ලිම් සිංහල ගැටුමක් ඇති වේ යැයි බියෙන් නීති විරෝධී ගව ඝාතනාගාර වැටලූ පොලිස් පරික්ෂකවරයා අලුත්ගම පොලිසියෙන් මාරු කරලා… 

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.