ශ්‍රියානි විජේසිංහ –
වසර 7ක් පුරා පැවති ග්ලයිෆොසේට තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණ කර ඇත.
මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුලු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත .
පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසේට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සදහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසේට් යෙදීම තහනම් කළේය.
එමෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් මෙතෙක් නොතිබු බැවින් අස්වනු අඩුවීමට ද එම තත්ත්වය හේතුවිය.