අවස්ථා තුනක දී විනිසුරුවන් ඉවත් වීම හේතුවෙන් තුන් වරක් විනිසුරු මණ්ඩල පත් කිරීමට සිදුවූ ක්‍රිකට් නඩුව අභියාචනාධිකරණයේ දී අද (20) විමසා බැලිමට නියමිතය.
අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු අත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියෝගයට ලක්කර ක්‍රීඩා ඇමතිවරයා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ ගොනු කර තිබිණි.
පෙත්සම පසුගිය 16 වනදා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේදී කැඳවු අවස්ථාවේ එය අද දින දක්වා කල්තබා තිබුණි.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද දිනය වන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිඥාවට අනුව එහි කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම නඩු විභාගයෙන් මුලින්ම ඉල්ලා අස් වූයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නය. ඔහු මෙම නඩුව විමසනවාට ක්‍රීඩා ඇමතිවරයාගේ පාර්ශවයෙන් විරෝධය පල කර තිබිණි.
අනතුරුව පෙත්සම විභාගය සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් පත්කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් නම් කළේය. එහෙත් එහ විනිසුරු මඩුල්ලෙන් ධම්මික ගනේපොල විනිසුරුවරයා ඉවත් විය. ඉවත්වීමට හේතුව පුදගලික කාරණාවක් බව කියැවිනි.
පෙත්සම සලකා බැලීමට යළිත් වරක් ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල විනිසුරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් යළිත් පත් කෙරිනි. නමුත් නීල් ඉද්දවෙල විනිසුරුවරයා ද අවසන් මොහොතේ මණ්ඩලයෙන් ඉවත් විය.
සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන්ගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ල නම් වන්නේ ඉන් පසුය.