ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය අනතුරු ඇඟවීමේ තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ද වහාම සහ නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා ඇත.
නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් තානාපති කාර්යාලය මෙම නිවේදනය හරහා දැඩි ලෙස ඉල්ලා සිටී.
අරුගම්බේ යනු ප්‍රකට සංචාරක ගමනාන්තයකි. මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලබන්නේ නව රජය සංචාරක ව්‍යාපාරය රටේ ප්රමුඛ ආර්ථික ප්‍රවර්ධන ඉලක්කය ලෙස හඳුනාගෙන සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන අතරතුරය.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.
https://lk.usembassy.gov/security-alert-avoid-travel-to-arugam-bay-due-to-credible-threat/







