බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලය නිසා මතුවුන ඉතිහාසයේ මගහැරෙන්න ගිය නායකයා රනිල් වික්‍රමසිංහයි… රොජර් සෙනවිතරත්න ජනපතිට සහය දෙන කලාකරුවන් නියෝජනය කරමින් කියයි!

by editor
සැප්තැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසය තුළ මඟහැරෙන්නට ගිය නායකයෙකු අර්බුදයත්, අරගලයත් නිසා මෙරටට යළි හිමිවූ බවත්, එම නායකයාවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත විනාශයකින් කෙළවර වීමට ගිය රට ඉන් මුදවා, නිසි පාලනයට නතු කිරීමට කටයුතු කළ බවත් ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න පැවසීය.

ආර්ථික අර්බුදය තවමත් අවසන්ව නොමැති බැවින් යළිත් වලට වැටෙනවාද, නැතිනම් රැකෙනවාද යන්න එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනතාවට තීරණය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න මෙම අදහස් පළ කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන‍ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සහාය පළ කරමින් මෙරට ප්‍රවීණ කලාකරුවන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

අවස්ථා ගණනාවකදීම රටේ ඇති වූ විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ කලා ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වූ බවත්, 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු මෙරට කලා ක්ෂේත්‍රයට නැවත යහපත් තත්වයක් උදාවූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා බවත් ඔවුහූ පැවසූහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එබැවින් කලා ක්ෂේත්‍රයට මෙන්ම රටටත්, ජනතාවටත් යහපත් අනාගතයක් උරුම කර දීම වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බවද ඔවුහූ පෙන්වා දුන්හ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොජර් සෙනෙවිරත්න මෙසේ පැවසීය:
“ඉතිහාසයේ අපට මගහැරෙන්න ගිය නායකයෙක් අර්බුදය සහ අරගලය හේතුවෙන් අපට නැවත මුණගැහුණා. එදා මිනිස්සු පෝලිම්වල මිය ගියා, පෝලිම්වල මිනිස්සු ගහ මරාගත්තා, රටේ ඉන්ධන, ගෑස්, කිරිපිටි, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තිබුණේ නැහැ. විදුලිය තිබුනෙත් නැහැ.

මීට මාස විසි පහකට පෙර අපට තිබුණේ එහෙම රටක් වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වය වෙනස් කළා. රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැති ධූරය භාරගැනීමට ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් තිබුණු මන්ත්‍රීවරයා ලෙසයි. එතුමා එතැන් සිට පෝලිම් නැති කළා. දැවැන්ත විනාශයකින් කෙළවර වෙන්න තිබුණු රට එම තත්ත්වයෙන් මුදවා නිසි පාලනයට නතු කළා.

ඉතිහාසය තුළ අප ජනාධිපතිවරණ ගණනාවකට මුහුණ දී තිබෙනවා. ඡන්දය දී ජනාධිපතිවරුන් පත් කරගෙන තිබෙනවා. දේශපාලනමය කරුණු කාරණා පදනම් කර ගනිමින් අප ජනාධිපතිවරුන් පත්කර ගත්තා. එහිදී ආර්ථික කාරණා වෙනුවෙන් ලොකු තැනක් හිමිවුණේ නැහැ.

නමුත් මෙවර අපට ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට සිදුව තිබෙන්නේ ආර්ථිකය පදනම් කර ගෙනයි. ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට මේ වන විට එම තත්ත්වයෙන් මුදවාගෙන ඇති නමුත් අප යළි එම වලට වැටෙනවාද නැත්නම් ගොඩ යනවාද යන ප්‍රශ්නය අප සියලුදෙනා ඉදිරියේ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන තීරණය අප සැප්තැම්බර් 21වැනිදා ගත යුතුයි.”
මේ අවස්ථාවට
රංගන ශිල්පී සේනක විජේසිංහ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ රංග විජේවික්‍රම,  චිත්‍රපට නිෂ්පාදක මොහාන් හෙට්ටිආරච්චි ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන් යන කලාකරුවෝ මේ අවස්ථාවට එක් වී සිය අදහස් ප්‍රකාශ කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක සිරකරු දිනයට සමගාමීව පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ සිරකරුවන් 14ක් නිදහස් කෙරේ!

Next Post

රනිල් පුම්බන්න ගත්තු කැබිනට් තීන්දු ගැන මැතිවරණ කොමසාරිස් කණස්සල්ලෙන්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.