ගෝල්ෆේස් අරගල භූමියට පහර දී විනාශ කළ මහින්ද රාජපක්ෂ ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
පොලිස් මූලස්ථානයේ අංක CIB3 – 344/16 අංකය යටතේ පැමිණිල්ල සටහන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුරම්කර වසන්ත සමරසිංහ අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමත් සමගම රට පුරා අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ මෙම ව්‍යසනයට පාර කැපූ මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයින්ට ආරක්ෂාව සපයමින්ම බව ඔහු වැඩිදුරටත් කීවේය.
“ගොල්ෆේස් අගරලයට කරපු පහර දීමට සම්බන්ධ පුද්ගලයින් එක්කෙනක්වත් අත්අඩංගුවට ගන්නෙ නෑ. අරගලයට පහර දී දවස් තුනකට පස්සෙ දේශබන්දුට පරහ දුන්න 03ක් අත්අඩංගුවට ගත්තා. ඊයෙ ඉඳන් අගමැතිවරයෙක් පත් කළාට පස්සේ දැන් පටන් අරන් තියනවා අත්අඩංගුවට ගැනීම්. තඹුත්තේගම, දන්කොටුව, කටුනායක බියගම පොලිසිවලින් අත්අඩංගුවට අරන් තියනවා.“
මේ හේතුව නිසා අපි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් දැම්මා මේ මැර ප්‍රහාරය සූදානම් කළ මිනිස්සන්ගේ විස්තර ටිකත් එක්ක. කෝ අත්අඩංගුවට ගත්තා… හිරේ ඉන්න ඕන උන් ආරක්ෂා කරගෙන එළියෙ ඉන්න ඕන උන් ඇතුළට දානවා. මේකද නීතිය.“
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවනතාක් කල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි නිරතවන බවත්, 18, 19 සහ 20 දිනවල රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික අංශවල වැඩබිම් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගන්නා බවත් ඔහු කීවේය.
එමෙන්ම ගොඨාභය රාජපක්ෂ ඉවත් විය යුත්තේ කුමක් නිසාදැයි
කරුණු 13කින් යුතු ලේඛණයක් ඔහුගේ නිවසටම ගොස් දුන් බවත් ඔහු ඉවත්ව යන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත් නොහරින බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
Who is shielding the perpetrators of the May 9th incident?
Why are they not arrested?
It’s been over 4 days since the brutal attacks pic.twitter.com/yOhTB8vVLH— Lihini Fernando (@LihiniFernando) May 13, 2022