අද (13) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 41කින් 2024 අයවැය සම්මත විය.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 81ක් ලැබිණි. . සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
අද ප.ව 6.40 ට පමණ තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 81ක් පමණි. එසේම 1ක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදි සම්මත විය.
පසුව 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 සිට ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වීමෙන් අනතුරුව තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මෙසේ අද (13) පැවැත්වුණි.







