සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම් ණය ගන්න චීන ඉන්දීය එකඟතාවේ වැදගත්කම ජනපති පාර්ලිමේන්තුවට කියයි!

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය මුදල ලබා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් අපට ඉතිරි ව ඇත්තේ  චීනය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟ කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර අවසන් කිරීම බවත් මේ වනවිට ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සිය විදේශ සංචාරයේ ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ අතර ඒ අවස්ථාවේදී විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේ පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි ජනාධිපති වික්‍රමසිංහ   තවදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන අවසන් ලියවිල්ල බවත් එය සකස් කිරීමට පෙර ණය හිමියන් සමඟ පවත්වන ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අවසන් විය යුතු බවත්ය.

ඒ අනුව මේ වනවිට ද්විපාර්ශ්වික ණය ලබා දුන් චීනය ඉන්දියාව සහ ජපානය වැනි රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන්ගේ ඒ යෝජනා ද ඇතුළත් කොට අවසන් එකඟතා ලියවිල්ල සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම ණය පහසුකම ලබාදීම ඉදිරි වසර හතරක කාලයක් පුරා දිව යන සැලසුමක් බවත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපට නිශ්චිත ඉලක්ක ලබා දී ඇති බවත්ය. මේ ඉලක්ක සපුරා ගැනීමට අදාළව අපට වැඩ කටයුතු සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගියදා තමන් ලෝක දේශගුණික සමුළු සැසිවාරයක් සඳහා ඊජිප්තුවට ගිය අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය හමුවූ බවත් අපට සහය ලබා දෙන ලෙස ඇය එහිදීද අවධාරණය කළ අතර මේ නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති කර නොගත යුතු බවත් ප්‍රකාශ කළේය..

ශ්‍රි ලංකාවට ණය ලබාදුන් රටවලට ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විකල්ප දෙකක් පවති බවත් එනම් ලබා දුන් ණය කපා හැරීම හෝ ණය ගෙවීමේ කාල සීමාව අවුරුද 10කින් 20කින් කල් දැමීම බවද සඳහන් කළ ජනාධිපතිවරයා යම් හෙයකින් මෙම ණය පවතින ප්‍රධාන රටක් ණය ප්‍රතිව්‍යුහගතකණය කිරීමට එකඟ නොවන්නේ නම් ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව පාර්ලිමේන්තුවට දැන්වූයේ ඒ සම්බන්ධයෙන් මන්ත්‍රි විමල් වීරවංශ   යොමු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාණ්ඩ්‍යාගෙන් වර්ණවත් ඉනිමක්… එංගලන්තයට ලකුණු 169ක තියුණු ඉලක්කයක්!

Next Post

පිටකොටුවේ තොග වෙළඳපලේ දෛනික වෙළෙඳාම 75%කින් බිඳ වැටෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.