සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ්. සමග සාකච්ඡාවකට එන්නැයි කියා රනිල් විපක්ෂය අන්දවන්න හැදූ  හැටි අයි.එම්.එෆ්. නියෝජිතයින්ම හෙළි කරලා…

by editor
මාර්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අයි.එම්.එෆ් නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක්වන ලෙස ජනාධිපතිවරයා පසුගිය දිනෙක විපක්ෂයට ආරාධනා කර තිබුණ නමුත් එවැනි රැස්විමක් සංවිධානය කර තිබුණු බව තමන් නොදන්නා බවත්, තමන්ට එවැනි රැස්වීමක් සඳහා ආරාධනා කර නොතිබුණු බවත් අයි.එම්.එෆ් නියෝජිතයන් පැවසූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් අද පැවසුවේය.

ඔහු මේ හෙළිදරව්ව කළේ අද (14) කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දි  අයි.එම්.එෆ් නියෝජිත කණ්ඩායමක් සමග ජාතික ජන බලවේගයේ නියෝජිත කණ්ඩායමක් සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව  පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සාකච්ඡාවේ දී තමන්ගේ ස්ථාවරය දන්වා සිටිමින් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ  අයි.එම්.එෆ්. ගිවිසුමේ ඇතැම් එකඟතා යළි සමාලෝචනයකට ලක් කිරීමට සිදුවනු ඇතැයි  එම නියෝජිතයන්ට දැන්වූ බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මාධ්‍ය හමුව අමතමින් මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී අද (14 දින) උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වූවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් ලෙස මමත් මුදිත නානායක්කාරත්, ආර්ථික කවුන්සිලයේ සාමාජිකයන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර සහ සුනිල් හඳුන්නෙත්ති සහභාගි  වූවා. මූල්‍ය අරමුදලේ පීටර් බෲවර් සහ නියෝජිතවරියන් තිදෙනෙකු සහභාගි වූවා. එම සාකච්ඡාවේ මූලික හරය ජනතාවට දැනුම් දෙන්න මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව යොදා ගත්තා.

ආණ්ඩුව මූල්‍ය අරමුදලට යාමේ ප්‍රධාන අරමුණ දේශීය සහ විදේශීයව මෙරට විසින් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුගත කර ගැනීමයි. මේ බව ප්‍රකාශ කර ගිවිසුම් අත්සන් කර, බොහෝ කාලයක් ගතවී තිබෙනවා. නමුත් විදේශීය ණය තවමත් ප්‍රතිව්‍යුහගත කර නැහැ. අපේ නියෝජිතයන් මේ පිළිබඳව අයි.එම්.එෆ්. නියෝජිතයන්ගෙන් විමසුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල රාමුව මොකක්ද? එහි ප්‍රගතිය කෙසේද? යනාදිය අපි විමසුවා.

ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීමට ගත වන නිශ්චිත කාලයක් කිව නොහැකි බවයි. අදාළ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිව්‍යුහගතකරණය තවමත් සිදුවී නැති බවත් ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළා. ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා ගැනීම, ණය පොලී ප්‍රතිශතය අඩුකර ගැනීම, යම් ණය ප්‍රමාණයක් මුළුමනින්ම කපා හැරීම වැනි ක්‍රියාමාර්ග අපේක්ෂා කළත් එවැන්නක් සිදු වී නොමැති බව ඔවුන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා.

අපේ රටේ වංචා, දූෂණ නතර කිරීමට අදාළව ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි ප්‍රශ්න කළා. වංචා, දූෂණ නතර කිරීම පිළිබඳ ආණ්ඩුව ගිවිසුම්ගතව සිටියත් ප්‍රායෝගිකව සුබවාදී කිසිවක් සිදුකර නැහැ. එපමණක් නොව බරපතළ පූර්වාදර්ශ ලබාදෙමින් කෝප් කමිටුවේදී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ සභාපතිත්වයෙන් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වූවත් අද තවත් හොරෙක්ව එම සභාපති ධුරයට පත්කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ ලෝකයටම මේ ආදර්ශය දුන්නේ කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට දිය යුතු බවට තිබුණු සම්ප්‍රදායත් බිඳලයි. අයි.එම්.එෆ්. එක සමග ආණ්ඩුව මොන ගිවිසුම් අත්සන් කළත් ප්‍රායෝගිකව විශ්වාසය බිඳ වට්ටවා ඇති බව අපි පෙන්වා දුන්නා.

;

ජනාධිපතිවරයා පසුගිය දිනෙක විපක්ෂයට ආරාධනා කර තිබුණා, අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග සාකච්ඡාවකට පැමිණෙන්න කියලා. නමුත් ඒ සාකච්ඡාවට අයි.එම්.එෆ්. නියෝජතියන් නොපැමිණීම ගැන අපි ප්‍රශ්න කළා. ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළේ රජයෙන් එවැනි සාකච්ඡාවකට තමන්ට ආරාධනා නොකළ බවයි. නමුත් ජනාධිපති ජනතාවට කීවේ අයි.එම්.එෆ්. නියෝජිතයන් සමග සාකච්ඡාවට පැමිණෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ බවයි. නමුත් මුළු රටේම ජනතාව මාධ්‍ය හරහා අන්දන වැඩක් ආණ්ඩුව කර තිබුණා.

අයි.එම්.එෆ්. සමග ගිවිසුම් අත්සන් කර, සියලුම ගාස්තු ඉහළ දමා, බදු ඉහළ දමා රටේ සම්පත් විකුණමින් ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ ආකාරයට විශාල වංචාවක් සිදුකරමින් අයි.එම්.එෆ්. නියෝජිතයන් නොමැතිව ආණ්ඩුවේ නියෝජිතයන් පමණක් සහභාගී වූ රැස්වීමකට විපක්ෂයට ආරාධනා කර තිබිලා.

මූල්‍ය අරමුදල සමග අත්සන් කළ තාක්ෂණික සහයක වාර්තා ඉදිරිපත් නොකිරීම පිළිබඳව සුමන්දිරම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර තිබුණා. එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව අයි.එම්.එෆ්. නියෝජිතයන් අපට ප්‍රකාශ කළා. ආණ්ඩුව කිසිවක් නොසඟවන බව ප්‍රචාරය කළත් මේ වැදගත්ම වාර්තා කිසිවක් රටට හෙළි කර නැහැ.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිව සිටියදී අයි.එම්.එෆ්. සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳව එදා රනිල් වික්‍රමසිංහත් ප්‍රශ්න කළා. එදා බැසිල් රාජපක්ෂ කීවේ එම රහස්‍ය වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවයි. අද රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරන්නෙත් ඒ ආකාරයෙනුයි.

අපි අයි.එම්.එෆ්. නියෝජිතයන්ට පැහැදිලිව පෙන්වා දුන්නේ ලංකාවේ ආර්ථිකය කඩා  වැටීම පමණක් නොවෙයි, රාජ්‍ය ක්‍රමයේ බරපතළ දුර්වලතා තිබෙන බවයි. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවද අප අවධාරණය කළා. දැන් අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට බර පටවා තිබීමට සහ රාජ්‍ය සම්පත් විකිණීමට අදාළ වගන්ති අපේ පාලනයක් යටතේ නැවත සංශෝධනය කරන බව අපි දැනුම් දුන්නා. එය කේන්ද්‍රගත කරගෙනයි අද අපි සාකච්ඡා කළේ. මේ මූලික ස්ථාවරය මත සිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව අපි පෙන්වා දුන්නා

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලින් ඕන මහ මැතිවරණයක්! රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න පොහොට්ටුව, සජබ සහ යූ.එන්.පී ය එකට එක් විය යුතුයි… බැසිල් කියයි!

Next Post

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා මන්ත්‍රී අත්සන් 113ක් සොයා ගැනීමේ මෙහෙයුමක! තමන්ටත් අත්සන් කරන්න එක්වන්නැයි ආරාධනා කළ බව ඩලස් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.