කණ්ඩායමත් තමන් සංචාරය කරන රටත්, අවසානයේ දී ශ්‍රී ලංකාවත් බරපතල අපහසුතාවයට පත් කරමින් අයාලේ ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩයකයන් තිදෙනාට ක්‍රිකට් රසිකයන්ගේ විරෝධතාවය මග හරවා දඬුවම් කාලය අඩු කරගැනීමේ අභිලාෂයෙන් විශේෂ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල තිදෙනා වෙනුවෙන් ක්‍රීඩා ලොලීන් එක්ව ඉන්නා ෆේස් බුක්, වට්ස්ඇප් සමාජ කණ්ඩායම් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය අවකාශය විශාල වශයෙන් යොදාගෙන මුදල් වැයකර කරමින් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ගෙනයන්නටත්, ක්‍රීඩා මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින අතලොස්සක් මිලදී ගෙන ඔවුන් ලවා ලිපි සහ වැඩසටහන් නිර්මාණය කරවීමටත් මේ වනවිට සැලසුම් කර ඇතැයි කියැවේ.
මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ මෙම ක්‍රීඩකයන්ගේ කළමනාකරුවෙක් විසින් බව වාර්තා වේ.
ක්‍රීඩාවට කිසිම සම්බන්ධයක් නැති මෙම පුද්ගලයා ක්‍රීඩක කළමනාකරණ ව්‍යාපාරය සඳහා පිවිස ඇත්තේ මෙරට හිටපු ටෙස්ට් නායකයෙක් මෙන්ම වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් නායකයා වූ පසුව බවත්, මෙම කළමණාකරු ඔහුගේ සොයුරාගේ ව්‍යාපාරික සගයා බවත් තතු දත් ආරංචි මාර්ග කියයි.