බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමුතු බණක් කියමින් යන බදුල්ලගම්මන සුමනසාර හිමියන් මල්වතු මහා විහාර පාර්ශවයෙන් නෙරපයි…

by editor
අගෝස්තු 5, 2025
in පුවත්
BADULLA-GAMMANA
Share on FacebookShare on Twitter
  • වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයත් ඓතිහාසික බිබිල නාගල රජ මහා විහාරයේ විහාරාධිපති ධූරයත් අහොසියි…

ධර්මය විකෘති කරමින් ථේරීය ශාසන සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ බවට චෝදනා ලද වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක  ලෙස කටයුතු කළ  බදුල්ල ගම්මන සුමනසාර හිමියන්  මල්වතු මහා විහාර පාර්ශවයෙන්   වහාම නෙරපා දැමීමට මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සාභාව තීරණය කර තිබේ.

මින් පෙර මල්වතු මහා විහාර පාර්ශවය එම හිමියන් දැරූ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ද, ඓතිහාසික බිබිල නාගල රජ මහා විහාරයේ විහාරාධිපති ධූරයෙන් ද ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. අවස්ථා දෙකක දි  මල්වතු කාරක මහා සංඝ සභාවට කැඳවා අවවාද කර නිශ්චිත නියමයන් පෙන්වා දී තිබිණි.

එසේ තිබිය දී යළිත් වරක්  බදුල්ල ගම්මන සුමනසාර හිමියන් “සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ මහ නිකාය ” නමින් නිකායක් ආරම්භ කර,  ශාසන සම්ප්‍රදායන්ට හා ධර්ම විනය පදනමට විරුද්ධව ධර්ම විකෘති කරන බවත්,  පටු අභිලාෂයෙන් නව නිකායක් පිහිටුවා ගෙන විනය විරෝධි ලෙස උපසම්පදා විනය කර්මය සිදු කරමින් ශාසන විලෝපනයක නිරතව සිටින බැවින් එම හිමියන් මල්වතු මහා විහාර පාර්ශවයෙන් ද නෙරපා හරින ලද බව මල්වතු මහා විහාරය නිවේදනය කර ඇත.

බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාව විකෘති කරන මීවපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ දේශනා ප්‍රවර්ධනය කිරීම,  මල්වතු මහා විහාර පාර්ශවයේ භික්ෂුවක ලෙස පෙනී සිටිමින් ධර්ම සම්ප්‍රදායට පටහැනිව බුදුන් වහන්සේ ලක්දිව ඉපදීම පිළිබඳ සාවද්‍ය මතවාද ප්‍රචාරය කිරීම, ධර්මය විකෘති කර නව නිකාය පිහිටුවා සංඝ භේදයක් ඇති කිරීම, ශාසන සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් උපසම්පදා විනය කර්මය කරවා ගිහි පැවිදි දෙපාර්ශවයම නොමග යැවීම, මල්වතු මහා විහාර පාර්ශවය අපකීර්තියට පත් කිරීම සහ චේතනාන්විතව ශාසන පරිහානියට කටයුතු කිරීම සම්බන්ධව මල්වතු මහා විහාර පාර්ශවය බදුල්ල ගම්මන සුමනසාර හිමියන්ට චෝදනා කර තිබිණි.

මල්වතු මහා විහාර පාර්ශවය විසින් මේ සම්බන්ධව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ධර්ම විකෘතින් හා ශාසන විකෘතීන් සිදු කරමින් උතුම් ථෙරීය ශාසන සම්ප්‍රදාය පරිහානියට පත් කිරීමට බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිර කටයුතු කිරීම හේතුවෙන් ඒ ස්ථවිරයන් වෙත පත් කර තිබූ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ඒ ස්ථවිර නෙරපීමට 2024.05.04 දිනැනිව රැස් වූ අප ගරුතර කාරක මහා සංඝ සභාව විසින් කටයුතු කරන ලදී.

තවද මේ සම්බන්ධයෙන් 2024.08.11 වන දින අප ගරුතර කාරක මහාසංඝ සභාව ඉදිරියට බදුල්ලගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ කැඳවා කරුණු විභාග කොට ආයති සංවරයෙහි පිහිටා ධර්ම- විනය පදනමත් ථෙරීය ශාසන සම්ප්‍රදායන් මත පිහිටා කටයුතු කරන ලෙස අප ගරුතර සානු නායක කාරක මහාසංඝ සභාව විසින් ඒ ස්ථවිරයන් වහන්සේ වෙත නියම කරන ලදී.

තව ද එහිදි මල්ල්වතු මහා විහායේ ගරුතර කාරක මහාසංඝ සභාවේ නියමයන්ට අනුගතව කටයුතු කරන බවටත් එකී නියමයන් උල්ලංඝණය කරන බවට ගරුතර කාරක මහා සංඝ සභාවට හැඟී යන ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගරුතර කාරක මහාසංඝ සභාව විසින් ගනු ලබන ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් තමන් එකඟ වන බවත් බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ 2024.08.11 දිනැතිව පොරොන්දු පත්‍රයක අත්සන් තබා අප වෙත ප්‍රතිඥා දී ඇත.

එහෙත් ගරුතර කාරක මහා සංඝ සභාවේ එකී නියමයන් උල්ලංඝණය කරමින් විවිධ අප්‍රතිපතිපත්තීන්හි නිරතව වෙමින් බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ “සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ මහ නිකාය * නමින් ශාසන සම්ප්‍රදායන්ට හා ධර්ම විනය පදනමට විරුද්ධව ධර්ම විකෘතිකයන් පෝෂණය කොට ප්‍රවර්ධනය කිරීමේ පටු අභිලාෂයෙන් නව නිකායක් පිහිටුවා ගෙන විනය විරෝධි ලෙස උපසම්පදා විනය කර්මය සිදු කරමින් ශාසන විලෝපනයක නිරතව සිටී.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විභාග කිරීමට අතිගෞරවාර්භ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2025.08.04 දිනැතිව රැස් වූ අප ගරුතර සානු නායක කාරක මහාසංඝ සභාවේ විශේෂ සභාචාරයේ දී බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ භික්ෂු චීනයට හා මහා විහාර ශාසන සම්ප්‍රදායට පටහැණිව ශාසන පරිහානියට හේතුවන පහත වැරදි සිදුකර ඇති බවට නිරීක්ෂණය කෙරිණ.

1. බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය, විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම.

2. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස මහා විහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ත්‍රිපිටක දේශනාවන්ට පටහැණිව බුදුරජාණන් වහන්සේ ලක්දිව ඉපදීම යන සාවද්‍ය මතවාදය ප්‍රචාරය කිරීම.
3. විනය පිටකයේ චුල්ලවග්ග පාළියෙහි සංඝ භේදක්ඛන්‍ධකයෙහි දැක්වෙන පරිදි ” යම් මහණෙක් ධර්මය කියා අධර්මය දක්වයි ද, දෘෂ්ටිය පිහිටුවා, රුචිය පිහිටුවා, අදහස පිහිටුවා එය අනුන්නට කියා දෙන්නේ වේ ද, මෙය ශාස්තෘ ශාසනය මෙයට කැමතිවවූ මෙය පිළිගනිව් යැයි කියා ද ඒ සංසභේදක තෙමේ ආපායික ද නෙරයික ද වේ.” යන ප්‍රඥප්තිය අනුව ධර්ම විකෘතිය සිදු කිරීම. හා නව නිකායන් පිහිටුවා එකී විකෘතීන් ප්‍රවර්ධනය කිරීම මගින් සංඝ භේදයක් සිදු කිරීම.

4. ධර්ම විනය පදනම හා ථෙරීය මහා විහාර ශාසන සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් උපසම්පදා විනය කර්මය සිදු කිරීම ගෘහස්ථ ප්‍රව්‍රජ්ජිත උභය පාර්ශ්වයම නොමග යැවීම.

5. මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාවේ නියමයන් උල්ලංඝණය කරමින් ධර්ම විකෘතිකයන් සමග එක්ව විකෘති මතවාදයන් ප්‍රවර්ධනය කරමින් මල්වතු මහා විහාර මුලස්ථානය අපකිර්තියට පත් කිරීම හා චේතනාන්විතව ශාසන පරිහානියට කටයුතු කිරීම.

උක්ත විනය විරෝධී ශාසන විනාශකාරී අග්‍රමණික ක්‍රියාවන් සඳහා බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ වැරදිකරු බවට 2025,08.04 දිනැති ගරුතර කාරක මහා සංඝ සභාවේ දී තීරණය කරන ලදී.

ඒ අනුව බදුල්ලගම්මන සුමනසාර ස්ථවීර අප මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නෙරපීමටත් ඒ තැන වෙත පත් කර ඇති නාගල රජමහ විහාරස්ථානයේ අධිපතීත්වයෙන් ඒ තැන ඉවත් කිරීමටත් 2025.08.04 දිනැතිව රැස් වූ අප ගරුතර සානු නායක කාරක මහාසංඝ සභාවේ විශේෂ සභාවාරයේ දී එකමතිකව තීරණය කරන ලදී.

ඒ අනුව බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ මෙතැන් පටන් මල්වතු මහා විහාර පර්ශ්වයේ භික්ෂුවක් නොවන බවත් යම් හෙයකින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස පෙනී සිටීම හා/ හෝ කටයුතු කිරීම මගින් සමාජය නොමග යැවීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීමටත් පියවර ගන්නා අතර ඒ ස්ථවිරයන් වහන්සේ සමග කිසිදු විනය කර්මයකට හෝ සංඝ කර්මයකට අප මල්වතු මහා විහාරිය ගරුතර මහාසංඝ රත්නය සහභාගී නොවීය යුතු බවට ගරුතර කාරක මහා සංඝ සභා සම්මතයෙන් අතිගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංඝාඥා කොට ඇති බවත් මෙයින් දන්වා සිටිමි

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක් කටාට තවත් නඩුවක්…

Next Post

Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි  

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.