අද උදෑසන වෙඩි තබා කළ තවත් පුද්ගල ඝානයක් අම්බලන්ගොඩින් වාර්තා වී ඇත. මේ වාර්තා වන්නේ අද දවසේ උදේ වරුවේ සිදුවූ දෙවැනි පුද්ගල ඝාතනය ය.
අම්බලන්ගොඩ රොන්දූව කුලීගොඩ ප්‍රදේශයේ පෙර පාසලක් ඉදිරිපිට දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිනි හඳුනා නොගත් ඝාතකයින් දෙදෙනෙක් විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම පුද්ගලයා ඝාතනය කර ඇත.
.මෙසේ ඝාතනය වී ඇත්තේ අම්බලන්ගොඩ උස්මුදුලාව පුංචිවත්තේ පදිංචි නාමල් සුදත්සිරි නැමැති 42 හැවිරිදි අයෙකි. මියගිය පුද්ගලයා සිය බිරිඳව රාජකාරි ස්ථානයෙන් බස්සවා නැවත නිවස බලා එන අතරතුර දී මෙලෙස වෙඩිතැබීමට ලක්ව තිබුණි.
වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
වැඩිදුර පරික්ෂණ කටයුතු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.
උදේ පිංවත්තේ දී ද වෙඩික්කරුවෙක් විසින් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබිණි







