-
කිසිම දේශපාලකයෙක් මින් පස්සෙ ප්‍රමෝට් කරන්නෙ නෑ… අහන බැණුම් හොඳටම ඇති… වැඩපිළිවෙළක් හදන්න…අමරපුර නිකායේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි පක්ෂ 11 නායකයින්ට කියති…
මින් පසු නිකායක් ලෙස කිසිම දේශපාලකයෙක් ප්‍රවර්ධනය නොකරන ස්ථාවරයකට අමරපුර මහා නිකාය පැමිණ ඇතැයි අමරපුර නිකායේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියෝ පැවසූහ.
තමන්වහන්සේලා හොඳ පාඩම් ඉගෙනගෙන ඇති බවත් මේ අහන බැණුම් හොඳටම ප්‍රමාණවත් බවත් උන්වහන්සේ කීහ.
මහාලේඛකාධිකාරීන් වහන්සේ මේ බව පැවසුවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් මුළු රටම හරි මගට ජාතික වැඩපිළිවෙළ පිළිගැන්වීමට රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවනයට පැමිණ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැදුටු අවස්ථාවේ දී ය.
එහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
“අද පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු… ඒ ඔක්කොම ඉන්නෙ තාත්තලා පුතාලනෙ. ඊලඟට මේ රට පාලනය කළේ කවුද?. පවුල් දෙක තුනක්නෙ. “
“අපේ අබයතිස්ස හාමුදුරුවන්ට දැන් නම් මතක්වෙලා තිබුණා විහාරමහා දේවි ගැන. ඇයි අපි මෙහෙම කරන්නෙ. ඉගෙනතත්ත සුදුස්සන්ටයි මේ රටේ පාලනය දෙන්න ඕන. ඔබතුමන්ලට පෝෂණය කරන්න පවුලක් නෑ. ඔබතුමන්ලා පස් අවුරුදු සැලැස්මක් හදන්න. හොඳ වැඩපිළිවෙළක් හදන්න. “
“නිකායක් හැටියට අපි තීරණය කරනවා කිසිම දේශපාලනඥයෙක් ප්‍රමෝට් කරන්න යන්නෙ නෑ කියලා. අපි හොඳට ඉගෙන තියනවා. මේ අහන බැණුම් ටික හොඳටම ඇති. “
උන්වහන්සේ කීහ







