යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් බෙලරූස් වෙත පනවා ඇති සම්බාධක සමග බෙලරූස්වල ප්‍රධාන නිශ්පාදනයක් වන පොටෑෂ් පොහොර ආනයනය කෙරෙන ජාත්‍යාන්තර ගනුදෙනු අර්බුදයකට ගොස් ඇතැයි වාර්තා වේ.
මේ වනවිට පවතින තත්වය අනුව බණ්ඩිපොහොර ලෙස හඳුන්වන මියුරේට් ඔෆ් පොටෑෂ් ආනයනයට වෙනත් විකල්ප සොය යෑමට සිදුවී ඇතැයි කොමර්ෂල් පොහොර සමාගම මධ්‍යයට පවසා තිබේ.
මෙතෙක් පොටෑෂ් පොහොර ආනයනය බෙලරූස්හි වරායන් හරහා සිදු කර තිබිණි.
මෙවර යල කන්නයට පොහොර සහනාධාරය යටතේ මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බණ්ඩි පොහොර ආනයනය කර බෙදා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.







