බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ආර්ථික මොඩල් එක පැහැදිලියිනේ…  ඔබලා   රට බංකොලොත් කළේ මොන මොඩ්ල් එකෙන් ද?…   චතුරංග හර්ෂගෙන් අසයි!

by editor
පෙබරවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිගින් දිගටම ජාතික ජන බලවේගයේ ආර්ථික මොඩලය සම්බන්ධ අවඥාවෙන් කතා කරන විපක්ෂයේ ආර්ථික ඔස්තාද්ලා  තමන් රට කරවන කාලයේ රට බංකොල් කළේ මොන ආර්ථික මොඩලයෙන්දැයි පැහැදිලි කර දිය යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පැවසුවේය. 

අද අයවැය කතාව සිදුකරමින් ඔහු මේ විමසීම කළේ විපක්ෂය වෙනුවෙන් ප්‍රධාන කතාව කළ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කළ කතාවට පිළිතුරු සපයමිනි.

නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද  පැවසුවේය. 

“දිගින් දිගටම කිව්වත් අපේ ආර්ථික මොඩ්ල් එක මේක. රජය ඉන්නේ පහසුකම් සපයන්නෙක් විදිහට. පෞද්ගලික අංශය තමයි ආර්ථිකයේ එන්ජිම වෙන්නේ. ඒ වගේම රජය මැදිහත් වෙනවා ආර්ථිකයේ අවශ්‍ය තැන්වලට… අපි මේක කොච්චර කිව්වත් බොරු ජනගත කරන්න මැතිවරණය වකවානුවේත් ආර්ථික ඔස්තාර්ලා උත්සාහ කළා. අන්තිමට තමන්ගෙ ආසන වලිනුත් ලැබුනේ සියයට 18යි.
දැන් අවසාන වතාවටත් ඒක කිය කිය ඉඳලා ඒක බොරුවක් වුනා අයවැය ඉදිරිපත් කළාට පස්සේ. දැන් ඉතින් ඊලඟ මැතිවරණයට කිසිම සටන් පාඨයක් දැන් ඒ අය ලඟ නෑ.
දැන් අපි අහන්න කැමතියි මේ ආර්ථික මොඩල ගැන කතා කරන ආර්ථික ඔස්තාර්ලා අපේ රට බංකොලොත් කළේ මො ආර්ථික මොඩලයෙන් ද කියලා.

මුලින්ම ඒ අයගේ ආර්ථික මොඩලය මම පැහැදිලි කරන්නම් අයවැයක් ඉදිරිපත් කළාම ට්‍රිලියන දෙකක් තුනක් ගිජු ලිහිණියො වගේ යාලුවො අතර බෙදා ගන්න ආර්ථික මොඩලයක්. අපේ එහෙම නෑ.

රටට කිසිම ඵලදායීතාවයක් ගේන්නෙ නැතිව ආර්ථික සම්පත් සහ වැය ශීර්ෂ වෙන් කරන , ණය අරගෙන රට බංකොලොත් කරන ආර්ථික මොඩල අපි ලඟ නෑ.

ඒ වගේම ගොඩ නැගුණ යම් කිසි ආර්ථික මොඩලයක සමස්ථ ප්‍රතිලාභ සියයට 1කට වගේ හිමිවන ආර්ථික මොඩල අපි අතහැරලා තියෙන්නේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ වගේම තමයි බලශක්තිය බැංකු විශේෂයෙන්ම සංවර්ධන බැංකු විනාශ කරපු ආර්ථික මොඩලයකට වෙනස් ආර්ථික මොඩලයක් තමයි අපි ගේන්නේ.

එමෙන්ම අධ්‍යාපනයට සෞඛ්‍යයට පොදු ප්‍රවාහනයට යටිතල පහසුකම්වලට අවම ආයෝජන කරපු ආර්ථික මොඩල අපි සහමුලින්ම අත්හැරලා තියෙන්නේ.

ආර්ථික දර්ශනය ගැන අහනවා. අපේ ආර්ථික දර්ශනය ඉතාම පැහැදිලිවම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියනවා. ඒක අවුරුදු පහකට ඉදිරිපත් කළ වැඩපිළිවෙළක්.

ඒ කියන්නේ ඉතිරි අවුරුද තුන අපි යනවා අයිඑම්එෆ් ඇග්‍රිමන්ට් එක ඇතුළෙ. ඒ රාමුව ඇතුළෙ තමයි අපට කළ හැකි වෙනස්කම් කරන්න තියෙන්නේ. මොකද අපේ ආර්ථික ස්වෛරීත්වය නැති කරලා තමයි ආර්ථික ඔස්තාර්ලා ජාතික ජන බලවේග ආණ්ඩුවට මේ රට බාරදීලා තියෙන්නේ.

එහෙමනම් වියට්නාමය, දකුණු කොරියාව, ඉන්දියාව වගේ වේගවත් ආර්ථිකයක් ලබා ගන්න පුලුවන් ස්වෛරී ආර්ථිකයක අයවැයක් අපට බලාගන්න පුලුවන් වෙන්නේ 2029 ඉඳලා තමයි.

හැබැයි මේ සීමා සහිත තත්ත්වයන් ඇතුළෙත් විශේෂයන්ම අපි කියපු නිශ්පාදන ආර්ථිකය බිහිකරන්න අවශ්‍ය කරන රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සමූපකාර අංශය දැඩිව වෙළෙඳපල තරගයට අවතිර්ණ වෙන, පූර්ණ තරගය, නියාමනය, රාජ්‍ය මැදිහත්විම සහ වෙළෙඳපල සංවිධානය කියන ආකෘති හතරම භාවිතා කරන ආර්ථික ක්‍රමයක් තමයි අපි පැහැදිලි කරන්නේ.

ඉතින් ඒක ඇහෙන්නේ නැති වුනාට අපට කරන්න දෙයක් නෑ. විශේෂයෙන්ම ආර්ථික ක්‍රමය ආර්ථික මොඩලය ආර්ික සැලැස්ම ගැන දිගින් දිගටම ප්‍රශ්න කරන අයට අංශ 10ක් ඔස්සේ අයවැය ගොඩනැගී ඇති ආකාරය නියෝජය ඇමති චතුරංග අබේසිංහ පැහැදිලි කළේය.
ඔහුගේ පූර්ණ කතාව පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිද්දෙනියේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

නීතිඥයෙක් ලෙස වෙස්වලාගෙන පැමිණි ඝාතකයෙක් උසාවිය තුළ දී ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා මරා දමයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.