කීර්ති ප්‍රනාන්දු –
සියයට 95ක ප්‍රතිශක්තිකරණයක් ඇතැයි කී සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට හා හෙදියන් පස් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව බදුල්ල මහරෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ පිළිබඳව කළ විසීමක දී රෝහල් ආරංචි මාර්ග පැවසුවේ එසේ කොවිඩ් ආසාදිත වෛද්‍යවරුන් දෙදෙනා සහ හෙදියන් පස් දෙනා එම රෝහලේම කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
කොවිඩ් ආසාදිත වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ ආශ්‍රිතයන් සොයා බලමින් ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීම සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කිරීම සිදුවෙමින් ඇති බව ද එම ආරංචි මාර්ග තහවුරු කළේය.