අප්‍රේල් අවසන් වීමට පෙර සියලුම රාජ්‍ය සේවකයින් පූර්ණ එන්නත්කරණය ලක්වීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පූර්ණ එන්නත්කරණය යනු බූස්ටර් මාත්‍රාව ඇතුළු එන්නත් මාත්‍රා තුනම බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
මෙසේ පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු වන්නේ පොදු ස්ථානයන්ට යා නොහැකි වන ලෙස නීති සැකසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කීරීම පදනම්කරගෙන බව ඔහු පැහැදිලි කළේය.
අප මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ රාජ්‍ය ආයතනයන් පොදු ස්ථානයන් වන බැවින් එම ස්ථානයන් හී රාජකාරිය කරන සියලුම දෙනා එන්නත්කරණයට ලක්විය යුතු බවය.
පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙක් කිසියම් රාජකාරී කටයුත්තක් සදහා රාජ්‍ය ආයතනයක් වෙත යන්නේ නම් ඔහුට සේවාව ලබාදෙන රාජ්‍ය නිලධාරියා පූර්ණ එන්නත්කරණයට ලක් ව සිටින්නේද යන්න පිලිබදව විමසීමේ අයිතියක් සේවාව ලබා ගැනීමට යන පුද්ගයාට තිබෙන බව උපුල් රෝහණ පැවසීය.
එසේ විමසන අවස්ථාවදී එම නිලධාරීයා පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති නම් ඒ පීලිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුවත් කළහොත් අදාල නිලධාරීයාට විරුද්ධව නිරෝධායන පනත යටතේ නීත්‍යානූකූල ක්‍රියා මාර්ගයක් ගත හැකි යැයි උපුල් රෝහණ ඳහන් කළේය.
එන්නත්කරණයට ලක් නොවීමට පුද්ගලයෙකුට අයිතියක් ඇතත් තවත් පුද්ගලයෙකුගේ ජීවිතය අනතුරේ හෙලිමේ අයිතියක් නැති බවද හෙතෙම පෙන්වාදේ.







