සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්‍රමාදව ජනතාවට ඖෂධ ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ යුතුයි… ජනපති අවධාරණය කරයි…

Calls for Transparency, Regulatory Reforms, and Direct Orders of FDA-Approved Drugs

by editor
ජූලි 14, 2023
in පුවත්
ranil
Share on FacebookShare on Twitter

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මගින් දිනපතා සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බව පැවසු ජනාධිපතිවරයා මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදාවන බව  පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙරට මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින ක්‍රියා පටිපාටිය මත ඇතිව තිබෙන ඖෂධ හිඟය වළක්වා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති ඖෂධ සඳහා මෙරටදී යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA)  හා එක්සත් රාජධානිය (UK) අනුමත කර ඇති ඖෂධ තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ක්‍රියාවලිය හරහා ඇණවුම් කිරීම වෙනුවට   සෘජුවම ඇණවුම් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

2024 වර්ෂය අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමටත්,  විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර  තීරණ ගැනීමටත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස  රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටට ආනයනය කරන ලද ඖෂධ, උපකරණ සහ එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු සහ සෞඛ්‍ය සේවා ආයතනවල කාර්ය මණ්ඩලවල නොසැලකිලිමත් බව නිසා සිදුවූ බව පැවසෙන මෑත කාලීන සිදුවීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

නියමිත වේලාවට ගෙවීම් සහතික කිරීම, වෙනත් අරමුණු සඳහා අරමුදල් යෙදවීම වැළැක්වීම හා, වෛද්‍ය උපකරණ සඳහා හිඟ ගෙවීම් මෙන්ම සේවා ගිවිසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මූල්‍ය විනිවිදභාවය පවත්වා ගැනීම වෙනුවෙන් ලියකියවිලි සඳහා අදාළ  බලධාරීන් අත්සන් තැබීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ මෙතෙක් ලියාපදිංචි වී නොමැති වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි සති දෙකක් තුළ සංශෝධනය කිරීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක   සහ රේඛීය රාජ්‍ය ආයතනවල ප්‍රධානීහුද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන   ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදහන් වූ ඩෙන්මාර්ක් කාන්තාවගේ සිරුර අලගල්ල කඳු පාමුලින් හමුවෙයි…

Next Post

කුරුන්දි පුරාණ විහාර භූමියේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.