අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලොහාන් ප්‍රේමරත්න පාතාලයෙන් කප්පම් ලබා ගැනීමට සූදානම් වන බවට සැක සිතිය හැකි හඬ පටයක් සංසරණය වෙන බවත් ඒ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් කියමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (10) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
පැමිණිල්ල සටහන් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ මේ සිද්ධිය එසේ මෙසේ සිද්ධියක් නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කප්පම් ලබා ගැනීමේ සුදානමක් සහිතව සිදුකරන ගනුදෙනුවක් සම්බන්ධව සිදුවී ඇති මේ ආන්දෝලනාත්මක හඬපටය ගැන විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම සිදුකළ යුතු තාක්ෂණි කාර්යයක් බවත් ප්‍රකාශ කළේය.
හඬ පටයේ සී.ඩී තැටියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල සමගම ඉදිරිපත් කළ බව කී සංජය මහවත්ත “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තුමා කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් කරන පැමිණිල්ල” ලෙස සටහන් සිය පැමිණිල්ල කළ බවට වූ සටහන ද මාධ්‍යයට ඉදිරිපත් කළයේ.
සංජය මහවත්ත කළ පැමිණිල්ලට අදාල ආන්දෝලනයට තුඩු දුන් හඬ පටය නෙත් එෆ්.එම්. යූ ටියුබ් නාලිකාවේ පල විය. එම හඬපටය පහත දැක්වේ.