සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපට මගහැරුණු සම්පත… බටහිර ඉන්දීය ක්‍රිකට් අනාගතය භාරගත් අපේ රමේෂ් සුබසිංහ….

by editor
අප්‍රේල් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අපට මගහැරුණ තැන් බොහෝමයක් අති බව ලෝකය අපට මතක් කරදෙන්නේය. එවැනි එක් තීන්දුවක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ ( 05) නිවේදනය කළේය.  ඔවුහු තම ක්‍රිකට් අනාගය බාරදීම සඳහා සිදුකළ සූක්ෂම සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව පුද්ගලයෙක් තෝරාගෙන සිටිති.

ඔහු ශ්‍රි ලංකාවේ පළමු පෙළ ක්‍රීඩකයෙක් මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තෙවන මට්ටමේ සුදුකම් පූර්ණ පුහුණුකරුවෙක් වූ රමේෂ් සුබසිංහය.

රමේෂ් සුබසිංහ..

පුළුල් හා සූක්ෂම තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසුව රමේෂ් සුබසිංහ බටහිර ඉන්දී කොදෙව්  ඇකඩමිය කාර්ය සාධනයේ සහ වර්ධනයේ නව යුගයකට ගෙනයාමට සුදුසුම අපේක්ෂකයා රමේෂ් සුබසිංහ තොරා ගත් බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙම තෝරාගැනීමට පෙර රමේෂ් සුබසිංහ නවසීලන්ත ක්‍රිකට් පිරිමි සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරු  ලෙසත්  සහ Otago Cricket Associations Pathways  හි  ප්‍රධාන පුහුණුකරු සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙසත් සේවය කර තිබිණි. ඔහු ICC ගෝලීය මට්ටමේ 3 අදියරේ පුහුණු කරුවෙක් වන අතර   නවසීලන්ත ක්‍රිකට්හි  සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ  රමේෂ්ගේ    සුදුසුකම් වලට අමතරව,  ඔහු ඉහළ කාර්ය සාධන පද්ධති සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, තාක්ෂණික ප්‍රතිකර්ම සහ ක්‍රීඩා ජෛව යාන්ත්‍ර විද්‍යාව, කණ්ඩායම් සහ පුද්ගල පරිපූර්ණ කුසලතා සංවර්ධනය, අබාධ වැළැක්වීම සහ පන්දු යැවීමේ බර කළමනාකරණය ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවක  සැලකිය යුතු ප්‍රවීණතාවයක් ප්‍රදර්ශනය කර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ දි  ගෝලීය මට්ටම්  අයදුම්කරුවන් 53 දෙනෙක් තනතුර සඳහා තරග කළ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ

දැඩි පරීක්‍ෂණ ක්‍රියාවලියක් හරහා,   අපේක්ෂකයින් 12 දෙනෙකු කෙටි ලැයිස්තුගත කළ බවත්  අවසාන වශයෙන්, ගයනා, ජැමෙයිකාව, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි අපේක්ෂකයින්  6 දෙනෙකු අවසායේ තෝරා ගත් බවත් රමේෂ් සුබසිංහ තෝරා ගත්තේ ඒ හයදෙනාගෙන් සුදුසුම පුද්ගලයා ලෙස බවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දන්වා සිටී.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක  මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ ක්‍රිකට් සංවර්ධන සහ කාර්ය සාධන කමිටුවේ සභාපති ඉනොක් ලුවිස්, ක්‍රිකට් අධ්‍යක්ෂ මයිල්ස් බැස්කොම්බේ, ග්‍රේම් වෙස්ට්, ඉහළ කාර්ය සාධන කළමනාකරු සහ මානව සම්පත් කළමණාකරු ඔනෙකා මාටින්-බර්ඩ් යන අය  රමේෂ්ව තෝරාගැනිමට තීන්දු කර තිබුණහ. එම පිරිස ප්‍රකාශ  කළේ බටහිර ඉන්දීය කොදෙව් කලාපයේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා පලපුරුද්ද සහ අත්දැකීම් සම්බන්ධ පුළුල් තක්සේරුවකින් අනතුරුව සුදුසුම පුද්ගලයා තෝරා ගත් බවය.

රමේෂ් සුබසිංහ අදාල තනතුරට තෝරා ගැනිමේ දී සිදුවුන ක්‍රියාවලිය ආවර්ජනය කරමින්  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ   මයිල්ස් බැස්කොම්බේ මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“ එය දැඩි හා විනිවිද භාවයෙන් යුත් ව්‍යායාමයක් වූ අතර, මෙම තනතුර සඳහා වඩාත් සුදුසුකම් ලත් සහ දක්ෂ අපේක්ෂකයින් පමණක් සලකා බලන බවට අප සහතික වුනා.අප   හොඳම දක්ෂතා සහිත සුදුස්සා  තෝරා ගැනීමට අපට පැහැදිලි බලයක් දී තිබුණා. අප  වඩාත්ම සුදුසු අපේක්ෂකයා හඳුනාගෙන ඇති බව දැඩි ලෙස විශ්වාස කරනවා.

.සුවිශේෂී සුදුසුකම් සහ බටහිර ඉන්දිය කොදෙව්  පිරිමි ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව සඳහා රමේෂ්ගේ  යෝග්‍යතාවය අවධාරණය කරනවා.   අපගේ ක්‍රිකට් සංවර්ධන මුලපිරීම් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය විශේෂඥභාවය සහ නායකත්වය රමේෂ් සුබසිංහ මූර්තිමත් කරන බව මට විශ්වාසයි”  ඔහු කීවේය.

නව පිරිමි ඇකඩමි ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම පිළිබඳව රමේෂ් සුබසිංහ  කීවේ මෙය ඔහුට අදහා ගත නොහැකි අවස්ථාවක් බවය.

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් හා සම්බන්ධ වීමට,  සංවිධානයේ නව උපායමාර්ගික දැක්මට දායක වීමට සහ ඔවුන්ගේ දැනට පවතින ඉහළ කාර්ය සාධන වැඩසටහන් ගොඩනඟා ගැනීමට, ඔවුන්ගේ හොඳම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ වැඩ කිරීමට ලැබීම මට ලබාදීලා ඇදහිය නොහැකි අවස්ථාවක්. මා උද්යෝගිමත් ස්වභාවික දක්ෂතා සහිත බටහිර ඉන්දීය කොදෙව්හි උද්යෝගිමත් ක්‍රිකට් ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.” ඔහු කීවේය.

රමේෂ්   සුබසිංහ 2024 මැයි 1 වන දින සිය භූමිකාව ආරම්භ කිරිමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයියෝ සල්ලි… හසරංගට IPL අහිමි වෙයි…

Next Post

මාවනැල්ලේ පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය සිද්ධිය ගැන පොලිසිය කියන කතාව!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.