බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර නිදොස් වී නිදහස් වුන අභියාචනාධිකරණ තීන්දුව ගැන ජනාධිපති නීතිඥවරයෙක් කී කතාව…

by editor
මාර්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • පැන්ෂන් ගියාට පස්සේ විධායකයට ඕන විදිහට නටන්න සූදානම් නොවන ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් අනතුරු ඇඟවීමක් කළා…

  • කැකිල්ලේ කොමිසමට වියදම් කල ජනතා මුදල මිලියන 21… සල්ලි අපරාදේ…

දේශපාලන පළිගැනීම් සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ කොමිසම  ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට විරුද්ධව දී තිබූ තීන්දුව අභියාචනාධිකරණය විසින් බල රහිත  කරනු ලැබීම තුළ තියුණු සමාජ පණිවිඩයක් ගැබ් වී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ   විනිශ්චයකාරවරයෙක්  වුව ද විශ්‍රාම ගිය පසු   විධායකයට අවශ්‍ය ලෙස නැටවෙන රූකඩ වන්නට සූදානම් නොවන ලෙස මෙම අභියාචනාධිකරණ තීන්දුව දන්වා ඇති බවත් ජනාධිපති නීතිඥ  උපුල් කුමරප්පෙරුම පැවසුවේය.

ජනාධිපති නීතිඥ  උපුල් කුමරප්පෙරුම

රාජපක්ෂලාට සම්බන්ධ නඩු  ඉවත්කරගැනීමේ මුග්ධ අපේක්ෂාව සහිතව පවත්වාගෙන ගිය මෙම කොමිසම අතිශය අනීතික ලෙස තමන්ට පැවරී ඇති බල සීමා ඉක්මවා යමින් කැකිල්ලේ තීන්දු ලබා දී  නඩු වැසීම සඳහා කටයුතු කළ ආකාරය හෙළි කර ජනාධිපති නීතිඥවරයා මේ කොමිසම පවත්වාගෙන යෑම සඳහා ජනතා මුදලින් රුපියල් මිලියන 21ක් වියදම් කළ බව ද හෙළි කලේය.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරුම මෙසේ ද පැවසුවේය.

2015 ජනවාරි මාසෙ 09දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පසුව ක්‍රියාත්මක වුණු අපරාධ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2019 නොවැම්බර් 19දායින් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පසුව කොමිසමක් පත්කරනු ලැබුවා. 2015 ජනවාරි මාසයේ 09දා සහ 2019 නොවැම්බර් මාසේ 19 අතර කාල පරාසය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ, එෆ්.සී.අයි.ඩී., මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය, අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව, මගින් කරනු ලැබූ යම් විමර්ශන මගින් යම් රජයේ සේවකයෙක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක නිලධාරියෙක්, ත්‍රිවිධ හමුදා හෝ පොලීසියේ නිලධාරියෙක් පීඩාවකට පත්වෙලා තිබෙනවා නම්, ඔවුන්ගේ පීඩාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමයි මේ කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ. මේ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතා. ඊට අමතරව සාමාජිකයන් දෙදෙනෙක් හිටියා. හිටපු අභියාචනාධිකරන විනිශ්චයකාර, චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු යන අය. මේ කොමිෂන් සභාව ආරම්භ කලායින් පස්සේ මේ සභාව වෙතට 2015 -2019 අතර කාල සීමාව තුළ කළ අපරාධ විමර්ශනවලට අදාළ විමර්ශන නිලධාරීන්, සමහර නඩු මෙහෙයවපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රජයේ නිලධාරීන් මේ කොමිෂන් සභාවට කැඳවනු ලැබුවා, විවිධ අය විසින් කරනු ලැබූ පැමිණිලි බලන්න.

අනුර දිසානායක මහත්මයාට විරුද්ධව තිබුණු පැමිණිල්ල අර තිබුණු නිලධාරී ගොඩට අයිති වෙන්නේ නැහැ. ඔහු දේශපාලකයෙක්. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත්, පොලිස් දෙපාර්තමේන්තුවටවත්, එෆ්.සී.අයි.ඩී. යටවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුවටවත් අයිති වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව පැමිණිලි කර තිබුණේ පුද්ගලික පුරවැසියෙක්. මේ කාරණා දෙකටම කොමිෂන් සභාවට බලය දීපු ගැසට් පත්‍රයට අනුව අනුර දිසානායක මහතාට විරුද්ධව කිසිම ආකාරයකට ඒ කොමිෂන් සභාවට විමර්ශනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කෙසේ නමුත් උපාලි අබේරත්න කොමිෂම, අනුර දිසානායක මහත්තයාට විරුද්ධව ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනෑ කියලා නිර්දේශයක් ලබාදුන්නා. ඊට අමතරව අපරාධ නඩු පවරන්න ඕනෑ කියලත් නිර්දේශයක් ලබාදුන්නා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ නිර්දේශය ලබාදෙන්නට පෙර ඉහත කියන ලද නෛතික තත්වයන්වල අනුර දිසානායක මහත්තයාට විරුද්ධව තිබෙන මේ නඩුව ගෙනියන්න බැරි ගැටලුව, අපි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළා. අභියාචනාධිකරණයේ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇවිත් පොරොන්දුවක් දුන්නා ඔහුට විරුද්ධව නඩුව ඉදිරියට ගෙනියන්නේ නැහැ අභියාචනාධිකරණයේ නඩු තීන්දුව අවසන් වන තෙක් කියලා. කෙසේ නමුත් ඒ නඩුව එසේ තිබියදී ඔහුට විරුද්ධව තීන්දුවක් ලබාදුන්නා. ඒකට විරුද්ධව තමයි අභියාචනාධිකරණයට අනුර දිසානායක මහතා රීට් අයදුම්පතක්  ඉදිරිපත් කළේ. මේ රීට් අයදුම්පත අනුව අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා, මේ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දී තිබූ බලය අතික්‍රමණය කොට ලබාදුන් තීන්දුවක් කියලා. තවත් නඩු විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ වාසියට තීන්දු ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ආකාරයේ නඩු 10ක් 11ක් විතර තවමත් විභාග වෙමින් පවතිනවා.

මේ කොමිෂන් සභාවේ හැසිරීම ගැන විශාල විවේචනයක් මුල් කාලයේ සිට තිබුණා. සමහර නඩු අවසන් වුණේ පැමිණිලිකරුගේ සාක්ෂිය මත පමණයි. වගඋත්තරකරුට සිතාසි ඇවිත් තිබුණේ නැහැ. වගඋත්තරකරු මෙම කොමිෂන් සභාවේ ඔහුට විරුද්ධව විමර්ශනයක් කරන බව දන්නේවත් නැහැ. කෙසේ හෝ කැකිල්ලේ ස්වභාවයේ කොමිෂන් සභාවක් ක්‍රියාත්මක වුණා. මේ කොමිෂන් සභාවේ වියදම රුපියල් මිලියන 21ක්. මේවා මහජන මුදල්. මේ කොමිෂන් සභාව දී තිබෙන තීරණ පහක් ඔවුන්ට නැති බලයක් ක්‍රියාත්මක කළා කියලා අභියාචනාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් කියන්නේ මේ රටේ අධිකරණ ධූරාවලියේ ඉහළම ධුරයක්. මෙවැනි විනිශ්චයකාරවරයෙක් කියන්නේ පහළ සිට ලොකු ගමනක් ආව පුද්ගලයෙක්. මේ රටේ ජනතාව මහේස්ත්‍රාත්වරයෙකුගෙන් වුවත් සාධාරණ නඩු විභාගයක් බලාපොරොත්තු වෙනවා. මෙම කොමිෂම ඉදිරියේ විභාග වුණු නඩු මොනවාද? තරුණයන් එකොළොස් දෙනෙක් ඝාතනය කළ නඩුව, එක්නැළිගොඩ නඩුව, උදයංග වීරතුංගට විරුද්ධ නඩුව. ඒ නඩුවල විත්තිකරුවන් ඇවිත් මේ කොමිෂම ඉදිරියේ පැමිණිලිකරුවන් විදිහට නඩු ඉදිරිපත් කළේ. සමහර නඩු මහාධිකරණවල, මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙනවා. මහාධිකරණයේ තිබෙන තරුණයන් එකොළොස් දෙනාගේ නඩුව, ඉවත් කරන්න කියලා මේ කොමිෂන් සභාව නිර්දේශයක් දෙනවා නීතිපතිවරයාට. එක්නැලිගොඩ සම්බන්ධයෙනුත් එහෙමයි. මේ ආකාරයෙන් ඉතාම පක්ෂග්‍රාහී විදිහට සහ විනිශ්චයකාර පරිචයක් නොමැති පුද්ගලයන් සේ මේ තීන්දු තීරණ ලබාදී තිබන බව පැහැදිලියි.

මේ කොමිෂන් සභාව ඇත්තටම පත්කරනු ලැබුවේ කුමන හේතුවකටද යන කාරණය ඉතාම පැහැදිළියි. මේ කොමිෂන් සභාව මගින් විභාගයට ගනු ලැබූ සියලුම දේවල් රාජපක්ෂලාට සම්බන්ධ නඩු. අනෙක් පාර්ශ්වය කැඳවන්නේ නැතිව, සාක්ෂි විභාගයක් නැතිව එහෙම තීන්දු ලබාදෙන කොට මොකක්ද මේ සමාජ දේහයට සිදුවන විනාශය. මුළු මහත් සමාජයම ඉතාම බරපතළ ලෙස අරාජිකත්වයකට පත්වෙනු ලබනවා. මේ තීන්දු ඓතිහාසික තීන්දු වෙනවා. විනිශ්චයකාරවරු වුණත්, විශ්‍රාම ගත්තාට පස්සේ විධායකයට ඕන ඕන විදිහට නටන්න සූදානම් වෙන්න එපා කියන පණිවිඩය තමයි අභියාචනාධිකරණයෙන් මේ තීන්දුවෙන් ලබාදී තිබෙන්නේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දැරියන් වෙත සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීමට වව්චර ලබා දීම අලුත් අවුරුද්දෙන් පසු….

Next Post

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව අවට පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවය කළ කාන්තාවන් අතර එච්.අයි.වී ආසාදිතයන් හඳුනා ගනී… සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.