බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර ගේ අය – වැය පල්ලියේ පූජකතුමා පන්සලට ඇවිත් කිව්ව බණක් වගේ… හර්ෂ අය -වැය ගැන කියයි!

by editor
පෙබරවාරි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළ අයවැය පල්ලියේ පූජක තුමා පන්සලට ඇවිත් කී බණක් වැනි හරාත්මක ගැඹුරකින් තොරව කළ පටලැවිලි සහගත ප්‍රකාශනයක් බව සමගි ජනබලවේගයේ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවට කීවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කළේ තමන් විසින් තමන් කාලයක් තිස්සේ විවිචේනය කළ,  එමෙන්ම ඡන්ද ගැනීම සඳහා ලෝකය වටේ ගොස් විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ලෙස අර්කථනය කළ වැඩපිළිවෙළ ගෙඩියපිටින් අයිඑම්එෆ් වැඩපිලිවෙළ හරහා අයවැයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බවය බවය.

හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය.

මොකක්ද වෙනස. කෝ වෙනස. පුජකතුමාට බයිබලයයි ධම්මපදයයි පැටලුනා ද. බයිලබය අත් හැරියද. කෙනෙක් යමක් හරියට විශ්වාස කරන්නේ නැතිනම් ඇත්ත ජයග්‍රහණයක් ලබා ගන්න බෑ.

“ජේවීපී එක විශ්වාස කරන සමාජවාදය උනාට එන්පීපී ජනාධිපති තුමා ඉදිරිපත් කළේ වෙන මොකක් ද එකක්. එක් සමාජ වාදයද ධනවාදය ද මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. සමාජවාදය සම්බන්ධව තවමත් ටිල්වින් සිල්වා, පක්ෂයේ ලොකු අයියා කියනවා. මේ හේතුව නිසා නෙමෙයි ද දශක ගණනාවක් තිස්සේ ආර්ථිකය විනාශ කරන්න සමහරු උදේ රෑ වෙහෙසුනේ.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“1977 පටන් ගත්ත ආර්ථික මොඩල් එක හරහා පටන් ගත්ත ප්‍රතිසංස්කරණ නවත්වන්න ඔබලා කොපමණ මහන්සි වුනා ද?. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉඳලා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණවල ඉඳලා, ඉන්දීය විරෝධතාවයේ ඉඳලා, නිදහස් වෙළෙඳ ගිවිසුම් ඉඳලා, එම්.සී.සී එකේ ඉඳලා දැන් කරගෙන යන සීඊබී ඇක්ට් එක නැවත වෙනස් කිරීම දක්වා වටිනා මිනිස් ජීවිත කීයක් නැතිවුනා ද?. බිලියන කීයක දේපල නැති වුනාද?. ආර්ථිකය කොපමණ පසස්ට ගියා ද?. ආයෝජකයො කී දෙනෙක් හැරිලා ගියා ද?. ”

“එහෙමනම් මට අහන්න වෙන්නේ…. මගේ මිත්‍ර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රී තුමා දවසක් කීවා මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා ” කියලා. එහෙමනම් මේක විහිලුවක් නෙමෙයි. ”

“අවුරුදු 48ක් තිස්සේ රට යායුතු මාර්ගය අවහිර කරලා දැන් ඒ පාරේ යන්න ඕන වගේ කතාවක් කියන එක දෛවයේ සරදමක් ද?… හැබැයි මම කියනවා පාර මොකක්ද කියන එක තමන් දන්නේ නෑ. පාර හොනවා. පාර පැටලිලා. මංමුලා වෙලා. ”

“හැත්තෑ පස් වසරක් තිස්සේ මේ රටේ පාලකයො කළේ ආර්ථිකය විනාශ කළ එකනම් දෙයියන්ගේ නාමෙට අපට කියන්න මොකක් ද මේ ගොල්ලගෙන් දැවැන්ත වෙනස. මොකක්ද පරිවර්තනය. ”

“ඡන්දය කලින් කිව්වෙ බොරුද?. බොරු කිව්වෙ අවබෝධයෙන් ද?. අසරණ මහ ජනතාව ඇන්දුව ද?. ”

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඇසුවේය. ඔහු සිය කතාව අතර අයවැයට එක් කළ යුතු සංශෝධනයක් සම්බන්ධව ඉල්ලා සිටියේය.

“දිගින් දිගටම අපි කියන දෙයක් තමයි දිගින් දිගටම ණය ප්‍රතිව්‍යුගතකරණය කරගත්තම දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ දී අර්ථසාධක අරමුදලේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අසාධාරණ ලෙස පා පහරක් වැදුනා. ”

“අපි කිව්වා ඒක වෙනස් කරන්න. අපි සහයෝගය දෙන්නම්. නමුත් අර්ථ සාධක අරමුදලේ දී මේ ණය ප්‍රතිව්‍යුගතකිරීමේ දී ඔවුන්ට වෙච්ච අසාධාරණය ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එකම එක වචනයක්වත් ඊයේ කතා කළේ නෑ.”

“අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය විවාදය ඇතුළෙ දි අපට පුලුවන් ද එජන්මන්ට් මෝෂන් එකක් ගෙනත් ,  පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න. කරුණාකරලා මේ අයවැය ඇතුළෙ මේ සංශෝධනය කරන්න. ”

“මොකද එම්.එල්.බී එකෙන් දෙනවා නම් විදේශිකයින්ට මහන්සිවෙලා වැඩ කරපු අපේ අහිංසක මිනිස්සුන්ටත් ඒ සහනය ලබා දෙන්න ඕන කියලා අපි ඉල්ලනවා.”

උඩගුකම විනාශයට මග පෙන්වන බැවින් ධනාත්මක විවේචන පිළි ගන්නා ලෙසත් විපක්ෂයේ සිටියත් වැටී ඇත්තේ පක්ෂ වශයෙන් නොව රටක් වශයෙන් බැවින් රට ගොඩගැනීමේ වගකීම සියල්ලන්ටම ඇති බව තේරුම් ගන්නා ලෙසත් අචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේම විදුලිය විසන්ධි වීමට “වඳුරු ඇක්සිඩන්ට එකට” වැඩි දෙයක් වුන හැටි ලංකා විදුලි බල මණ්ඩලය කියයි….

Next Post

පාන් ගෙඩියක් රුපියල් 10කින් අඩු වෙයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.