බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර කුමාරගේ ප්‍රකාශය කතානායක ප්‍රතික්ෂේප කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 8, 2021
in පුවත්
mahinda yapa speaker parliament
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පසුගිය දා (06) දා මාධ්‍ය හමුවේ කතානායකවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන වැය ශීර්ෂ විවාදයේ දී, කතානායකවරයා විසින්‌ ස්ථාවර නියෝගවලට පටහැනිව පක්ෂග්‍රාගීව ක්‍රියාකල බවත්‌, එසේ කටයුතු කිරීම නිසා පසුගිය කාලයේ දී මැති සබයේ අප්‍රසන්න ගැටුම්‌ ඇතිවූ බවත්‌ චෝදනා කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කථානායක මාධ්‍ය අංශය විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.

“දෙසැම්බර්‌ මස 06 වන දින අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක්‌ පවත්වමින්‌ එදින, නිවාස හා නාගරික සංවර්ධන වැය ශීර්ෂය සම්බන්ධයෙන්‌ විවාදයේ දී, මා විසින්‌ ස්ථාවර නියෝගවලට පටහැනිව පක්ෂග්‍රාගීව ක්‍රියාකල බවත්‌, එසේ පක්ෂග්‍රාගීව කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ දී සිදුවූ අප්‍රසන්න ගැටුම්‌ ඇතිවූ බවත්‌ චෝදනා කරන ලදී. එම චෝදනා තුලින්‌ රටේ පොදු ජනතාව නොමග යැවීම වැලැක්වීම පිණිස මෙම කරුණු ඉදිරිපත්‌ කරමි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

2021 දෙසැම්බර්‌ 06 දින පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ නාගරික සංවර්ධන භා නිවාස අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධව විවාදයේ දී සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ වර්ජනයක නියැලෙමින්‌, සභාගැබට පැමිණ නොසිටීම නිසා එම වැය ශීර්ෂය ඡන්ද විමසීමකින්‌ හෝ විවාදයකින්‌ තොරව සම්මත විය. එම වැය ශීර්ෂය යටතේ විවාදය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජා අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා නැගී සිටි අවස්ථාවේදී, ස්ථාවර නියෝග 130 (05) ප්‍රකාරව මා එය වලක්වමින්‌ විවාදයකින්‌ නොරව සභාව පචත්වාගෙන යන ලදී. ඒ පාර්ලිමේන්තු ක්‍රියාදාමය සඳහා අවශ්‍යයෙන්ම පරිශීලනය කරන ස්ථාවර නියෝග 130 (05) ට අනුව කිසියම්‌ ව්‍යාපෘතියක්‌ හෝ වැය විෂයක්‌ සම්බන්ධයෙන්‌ සම්ප්‍රදායානුකූලව ඉතාම සුළු අඩු කිරීමේ යෝජනාවක්‌ විපක්ෂයේ පාර්ශවය විසින්‌ ඉදිරිපත්‌ නොකරන්නේ නම්‌ විවාදයකට ඉඬක්‌ නොලැබෙන බැවිනි. මේ සම්බන්ධයෙන්‌ ඉතා පැහැදිලි දර්ශන පද්ධතියේ සටහන්ව ඇත. එසේ තිබියදී, අසත්‍ය කරුණු හුවා දක්වමින්‌ කථානායක ධූරයටක්‌, උත්තරීතර පාර්ලිමේන්තුවටත්‌ අපහාස වන අයුරින්‌ ප්‍රකාශ නිකුත්‌ කිරීම මා තරයේ හෙලා දකිමි.

එපමණක්ද නොව, පසුගිය පාර්ලිමේන්තුව හා සන්සන්දනය කිරීමේදී රීති ප්‍රශ්න නැගීමේ සාධාරණ අවස්ථාව සියලු මන්ත්‍රීවරුන්ට හිමිව ඇති බවත්‌, පාර්ලිමේන්තුවේ හැන්සාඩ්‌ වාර්තාවන්ට අනුකූලව පසුගිය පාර්ලිමේන්තු සමය භා සංසංදනයේදී ආණ්ඞු පක්ෂයට වෙන්ව ඇති කාලය 67% සිට 52% දක්වා අඬුව ඇති අතර විපක්ෂයට වෙන්වූ කාලය 33% සිට 48% දක්වා ඉහළ නැංවී ඇති බවත්‌ ජනතාවගේ දැනගැනීම පිණිස සඳහන්‌ කරනු කැමැත්තෙමි. එවැනි සාධනීය පියවරයන්‌ මවිසින්‌ ගනු ලැබුවේ ජනතාවාදී යහපත්‌ සංවාද තුලින්‌ ජනතාවට වඩාත්‌
ඵලදායී සේවයක්‌ පාර්ලිමේන්තුව තුළින්‌ ඉටුකිරීමට විනා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කරන පෞද්ගලික අපහාස, අසත්‍ය ප්‍රකාශ හෝ හිස් කථාවලට කාලය ලබාදීමට නොවන බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

යම්‌ පුද්ලයකුගේ පෞරුෂය ගොඩනැගෙන්නේ ඔහු හෝ ඇය කාලයක්‌ තිස්සේ ක්‍රියාකල හා ක්‍රියා කරන ආකාරය මත මිස, දරණ තනතුර හෝ අන්‌ අය විසින්‌ නගන චෝදනා මත නොවන බව මාගේ විශ්වාසයයි. යහපත්‌ පෞර්ෂයක මූලික ලක්ෂණයන්‌ වන්නේ සෑම විටම සත්‍යවාදීවීමක්‌ අන්‌ අයගේ පෞර්ෂවල ඇති අඩුපාඩු සෙවීමට වඩා තමාගේ පෞර්ෂය වර්ධනය කරගැනීමට කටයුතු කිරීමත්‌ බැවින්‌ මින්‌ ඉදිරියට එම ලක්ෂණ වඩා වර්ධනය කරගනිමින්‌ ජනතාවගේ හාස්‍ය වෙනුවට බුද්ධිය භා ගෞරවය උද්දීපනය වන ආකාරයට කටයුතු කරන ලෙසට
ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගෙන්‌ මා ඉල්ලා සිටිමි.

අවසාන වශයෙන්‌ නිසිපරිදි කරුණු සොයාබැලීමකින්‌ තොරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව වැරදි තොරතුරු ජනගත කිරීම දීර්ඝකාලීනව දේශපාලනයෙහි නියුක්ත පරිණත පුද්ගලයෙකුට නොතරම්‌ බව ඉතා කනගාටුවෙන්‌
වුවද මෙහිදී යළිත්‌ අවධාරණය කරනුයේ එය කිසියම්‌ පාර්ශවයක කෙටිකාලීන උන්නතියට මඟපාදන්නේ යැයි පෙනුණද සැබැවින්ම සමස්ත රටක්‌ අවනීතිය කරා යන ගමනක මූලාරම්භය බව පෙන්වා දෙන අතරෙහිය. සියලු මන්ත්‍රීවරුන්‌ තමන්ගේ හා උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වන ලෙස කටයුතු කරන ලෙස මා ඉතා ඕනෑකමින්‌ ඉල්ලා සිටිමි.” යනුවෙන් ද එහි සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇය මහා හඬින් හඬා නොවැටුනේ ඇයි?

Next Post

සියක් සෝ සුසුම් මැද ප්‍රියන්ත අවසන් ගමන් යයි….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.