අනවසර ගිනි අවි තුනක් සහ පතොරම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බදාදා (28) නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලකදී සැකකරුවන් ටී 56 ගිනි අවියක්, 150කට අධික පතොරම් සහ පිස්තෝල දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බවය.
ටී 56 ගිනි අවිය හෝමාගම ප්‍රදේශයේ වෙඩි තබා සිදුකළ ඝාතනයකට යොදාගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් වයස 36 සහ 39 වියේ පසුවන බියගම සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන්. යුද හමුදා කපිතාන්වරයා රත්නපුර හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරයි.
රැඳවුම් නියෝග ලබාගැනීමෙන් පසු මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ වනවිට අදාල සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියි.







