බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනපේක්ෂිත බිහිසුනු ගංවතුරක් එක්සත් ජනපදයේ ගැහුණු දරුවන්ගේ ගිම්හාන කඳවුරක් වනසයි… දැරියන් 20ක් ගංවතුරේ අතුරුදහන්…

by editor
ජූලි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බලාපොරොත්තු රහිත බිහිසුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරකට එක් වී සිටි නව යොවුන් වියේ ගැහැණු දරුවන් විස්සකට වැඩි පිරිසක් අතුරු දහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ ඇති වූ ගිගුරුම් සහිත වැසි සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු-මධ්‍යම ටෙක්සාස් හි ග්වාඩලූප් ගඟ දිගේ මාරාන්තික හදිසි ගංවතුරක් ඇති වී මෙම ඛේදවාචකය සිදුවී තිබේ.

300mm (අඟල් 12) දක්වා වූ අධික වර්ෂාපතනයක් හේතුවෙන්, සැන් ඇන්ටෝනියෝ සිට වයඹ දෙසින් කිලෝමීටර් 105 (සැතපුම් 65) ක් පමණ දුරින් පිහිටි දකුණු-මධ්‍යම ටෙක්සාස් කඳුකරයේ පිහිටි කර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ සඳහා එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය හදිසි ගංවතුර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබිණි.

කර්විල් ප්‍රාන්තය ආසනයේ නගර කළමනාකරු ඩල්ටන් රයිස් වාර්තාකරුවන්ට පැවසුවේ අලුයම උදාවීමට පෙර සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව අධික ගංවතුර ඇති වූ බවය. ඒ තත්ත්ව තුළ බලධාරීන් කිසිදු ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට අවස්ථාව ලැබී නැත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ රේඩාර් සමඟ පවා පුරෝකථනය කළ නොහැකි ඉතා කෙටි කාලයක් තුළ, එනම් පැය දෙකකට අඩු කාලයක් තුළ මේ අනතුර සිදුවුනා.” ඩල්ටන් රයිස් කීවේය.

ටෙක්සාස් හි කර්විල් අසල ගංවතුර මාපකයක් මිනිත්තු 45 ක් ඇතුළත ගඟේ අඩි 26 ක බිහිසුනු නැගීමක් පෙන්නුම් කළ බව බීබීසී වාර්තා කරයි.

මේ වනවිට කර ඇති තක්සේරුව අනුව අවම වශයෙන් ජීවිත 24ක් අහිමි වී ඇත. හදිසි ප්‍රතිචාර දක්වන්නන් මේ වන විට දැඩි සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිති.

ප්‍රදේශයට ප්‍රමාණවත් ගංවතුර අනතුරු ඇඟවීමේ පද්ධතියක් තිබී නැත. ඒ තත්ත්වය තුළ පදිංචිකරුවන් සහ කඳවුරුකරුවන් අවදානමට ලක් වී තිබේ.

ප්‍රාන්තය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කාරීමත් සමග ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. අර්බුදයට සහාය වීම සඳහා එක්සත් ජනපද වෙරළාරක්ෂක සහ FEMA නිලධාරීන් බලමුලු ගැන්වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් ගත් කදුරුවෙල ක්වාති විනිසුරු සහ ඔහුගේ ලිපිකරු රිමාන්ඩ්!

Next Post

බටුවත්තේ ආමි උපුල් ඝාතනය කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ ඝාතකයින්… විමර්ශන අංශ කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.