අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර් පළාත් බස් රියදුරන්ට අනිවාර්ය විනය පුහුණුවක්

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා රිය අනතුරු නිසා ජීවිත 1948ක් අහිමිව ඇත.

පසුගිය වසර 10 ක කාලය තුළ 27000ක් පමණ ජීවිත අහිමිවී ඇති බවත් පැවසූ අමාත්‍ය සරත් වීරසේකර මහතා මාර්ග විනය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතනවල මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසීය.

දඩගෙවීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් හා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමයක් නුදුරේදීම හදුන්වා දෙන බවත් ඒ සදහා මේවන විටත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාර්ග අනතුරු වැඩිවීම සදහා වන රියදුරන්ගේ විනයක් නොමැති වීම ප්‍රධාන හේතුවක් බව හදුනාගෙන ඇති බැවින් එම තත්ත්වය මඟහරවාලීම සදහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේදී මතුකළ අවස්ථාවේ අමාත්‍යවරයා මේබව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ මාර්ග විනය සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සැලසුම්කර ඇති බවත් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ එය ප්‍රමාද වූ බවත්ය.

මේ අනුව එහි පළමු පියවර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ආරම්භකරන බව ද අමුණුගම මහතා පැවසීය. අන්තර් පළාත් බස් රථ රියදුරන් 17000 ක් පමණ මේ වන විට සේවය කරන බවත්, බහුලව සිදුවන බස්රථ අනතුරු සදහා ඔවුන්ගේ විනය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වෘත්තිය සමිති ව්‍යාපාර හෝ උද්ඝෝෂණවලින් තොරව ඉතා අසීරු තත්ත්ව යටතේ රාජකාරී සිදු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්හට නිසි දීමනා සහ වැටුප් ලබා දීමේ අවශ්‍යතාවයද මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ.

පසුගිය කොවිඩ් තත්ත්වය තුළ පොලිසියේ සාමාජිකයන් 15700ක් ආසාධිතයන් වූ බවත් 44 දෙනෙකු මිය ගිය බවත් පැවසූ අමාත්‍යවරයා විවිධ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ වැටුප් හා දීීමනා වැඩිකිරීම සදහා මන්ත්‍රීවරු කරුණු මතු කිරීම පිළිබදව සිය ස්තූතිය පළ කළේය.

වර්තමානයේ මාධ්‍ය තුළින් අපරාධ වාර්තාකරණයේදී පොලිසිය වඩා වගකීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

අධිකරණ කටයුතුවලට බාධා වන ලෙස පොලිසිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැටලු සහගත බැවින් ඒ සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් වන අකිල එල්ලාවල, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, චන්දිම වීරක්කොඩි, අජිත් රාජපක්ෂ, මධුර විතානගේ, ගුණතිලක රාජපක්ෂ, මුදිතා ද සොයිසා, මංජුලා දිසානායක, උදයන සී කිරිදිගොඩ, ඩයනා ගමගේ, සුදත් මංජුල,අනුප පැස්කුවල්, මේජර් සුදර්ශන දෙනිපිටිය ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක්ද පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උඩවළවේ අලි සොරකම පසුපස දේශපාලකයෙක් සහ මහාචාර්යවරයෙක්?

Next Post

අද කොවිඩ් මරණ 22යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.