බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව ජනපති අතට ගියේ නීතිපතිටත් හොරෙන් !

by editor
ඔක්තෝබර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අධි ආරක්ෂක කලාප පිළිබඳ ව ගැසට් නිවේදනය ජනාධිපතිවරයා වෙත අත්සන් කිරීම සඳහා ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ කිසිදු උපදෙසකින් තොරව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

එය මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් තුන් කට්ටුවකගේ මෙහෙයවීම මත සකසන ලද එකක් බව හෙළි වී අතැයි පැවසේ.

මේ ගැසට් නිවේදනයේ පවතින නෛතික තත්ත්වය පිළිබඳව නීතිපතිවරයාගෙන් ලද උපදෙස් මත රජය එය වහා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති අතර නීතිපතිවරයාගේ විමසීමකින් තොරව මෙම කටයුත්ත සිදු කළ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මේ වනවිට රජයේ ප්‍රබලයන්ගේ දැඩි  දෝෂදර්ශනයට ලක්ව ඇති බව ද මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

වර්තා වන පරිදි මෙම ගැසට් නිවේදනය සකස් කර ඇත්තේ පොලිසියේ නීති කටයුතුවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙනි.

මෙම කෙටුම්පත නීතිපතිවරයාගෙන් විසීමකින් තොරව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වෙත ඉදිරිපත් කරනු ලැබ  ඇත්තේ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය මහ රැජණගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ලන්ඩන් බලා පිටත් වීමට සුළු මොහොතකට පෙරය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සාමාන්‍යෙයන්  ජනාධිපතිවරයාගේ අත්සන යෙදීම සඳහා එවැනි ගැසට් කෙටුම්පත්වල නෛතික භාවය ජනාධිපතිවරයා විසින් විමසනු නොලබන්නේ එවැනි කෙටුම්පත් සාමාන්‍යයෙන්  නීතිපතිවරයාගේ  අනුමැතිය මතව එන බවට පවතින පූර්ව විශ්වාසය මතය.

මෙම ගැසට් නිවේදනය මඟින් රටේ දැවැන්ත ආන්දෝලනයක් ඇති වීමත් දේශපාලන පක්ෂ විසින් මේ අධි ආරක්ෂක කලාපවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමත් හේතුවෙන් මේ පිළිබඳව අවධානය යොමුකිරීමේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක නීතිපති සංජය රාජරත්නම් ගෙන් මේ පිළිබඳව විමසා ඇත.

එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ අදාළ ගැසට් නිවේදනය පිළිබඳව කෙටුම්පත තම දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව ඉදිරිපත් කර ඇති අතර එහි නෛතික භාවය පිළිබඳව ප්‍රශ්න පවතින බැවින් එය වහා ඉවත් කර ගත යුතු බවය.

එහිදී කළ සොයා බැලීමේදී මෙම ගැසට් නිවේදනය මහජන ආරකෂක අමාත්‍යවරයා සහ ඔහු සමඟ කටයුතු කරන ආරක්ෂක අංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් විසින් සකසන ලදුව නීතිපති විමසීමකින් තොරව ජනාධිතිවරයාගේ අත්සන සඳහා යොමු කර ඇති බවය.

ඒ අනුව  මෙම කෙටුම්පත එවැනි විමසීමකට ලක් කර නැති බව ජනාධිපතිවරයා දැන ගන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කරන ලද දැනුවත් කිරීමෙන් පසුවය.

මෙම තත්ත්වය දැනගත් ජනාධිපතිවරයා වහාම මෙම ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස දන්වා ඇතත් එම ගැසට් නිවේදනය යළි ඉවත් කිරීමටද ජනාධිපතිවරයා ම අවශ්‍ය බව දන්වා ඇත.

මේ හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජපානයේ සහ පිලිපීන සංචාරය අවසන් කර යළි පැමිණි වහාම ගැසට් නිවේදනය අහෝසි කිරීමට අදාළ ව සිය අත්සන යොදා ඇති බව සඳහන් වේ.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය හසංජය ගුණවර්ධනගේ සැත්කම් තහනම්… හේමාස් රෝහල ගැනත් පරීක්ෂණයක්!

Next Post

ඉබාගාතේ ගිය පොලිස් උණ්ඩයකින් අවසන් ගමන් ගිය ලන්ඩන් සරසවියේ උපාධි ධාරිණිය!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.