බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉබාගාතේ ගිය පොලිස් උණ්ඩයකින් අවසන් ගමන් ගිය ලන්ඩන් සරසවියේ උපාධි ධාරිණිය!

by editor
ඔක්තෝබර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරේෂා මිය ගොස්ය.  ඉබාගාතේ යන පොලිස් වෙඩිල්ලක් ඇයගේ ජීවිතය රැගෙන ගොස්ය. ඊයේ දවස පුරාම ඉරේෂාගේ සිරුර තිබුණේ වතුපිටිවල රෝහලේය.

ඉරේෂා ශාමලී අනපේක්ෂිත මරණයට ගොදුරු වන්නී දංඕවිටදීය. දංඕවිට මත්පැන් හලක් කඩන්නට ගිය කොල්ලකරුවන් පිරිසකට හඹා ගොස් වෙඩි තැබූ පොලිස් වික්‍රමය නිමා වී ඇත්තේ අසරණ ජීවිතයක් අහිමි කරමිනි.

ගලෙන්බිඳුණුවැව සිට  කොළඹට පැමිණෙන බස් රථයක    පසුපස අසුනේ දකුණු කෙලවරේ ජනේලය අසල වාඩි වි සිටි ඇය ඉබාගාතේ ගිය පොලිස් වෙඩි පහර වැදී එතැනම මැරී වැටී සිටියාය.

ඉරේෂා ශාමලී  මේ රටට බලාපොරොත්තුවක් ගෙනා යෞවනියකි. ඇය 29 හැවිරිදි වූවාය. බෙන්තර හබුරුගල පදිංචිව සිටි ඉරේෂා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ධාරිණියක්ව සිටියාය.

ඇය සිටියේ කැනඩාව බලා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙනි. සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවක් ඇයට විවර වී තිබුනු බව කියැවිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ ගමනට පෙර කිරිබත්ගොඩ වෙසෙන ඔහුගේ සොයුරාත්, සොයුරාගේ  බිරියත් සමග ඇය අනුරාධපුරයට ගොස් පූජාවකට සහභාගී වී එමින් සිටිය දී මේ පොලිස් වෙඩි පහරට ඇය ලක් විනි.

“අනේ කෙල්ල අනුරාධපුරේ ගියෙ පූජාවකට. පුතායි එයාගෙ නෝනයි එක්ක ගිහින් තිබුණෙ.  රතිඤ්ඤා පත්තුවෙන සද්දයක් වගේ එකක් ඇහිල බලනකොට මගෙ දුව වැටිලා ඉන්නවා පුතා දැකලා…“ ඉරේෂා ශාමලී  ගේ අම්මා ඉකි ගසමින් කීවාය.

දංඕවිට පොලිසියේ ජංගම මුර රථයෙන් පැමිණි පොලිස් වෙඩික්කරුවන් කළ හරිය අහිංසක ජීවිතයකින්  කියවාගැනීමට ඉඩ හැර ඇත.

මෙවැනි සිදුවීම් අරභයා කියැවෙන පොලිස් වෙඩික්කරුවන් සම්බන්ධව අපට ඇති  පළමු අත්දැකීම මෙය නොවේ.  පොලිස් ඉලක්ක ඒ තරම් සුපිරිය. හරියට වෙඩි පාරක් කා මැරෙන්නේ ආයුධ හොයන්නට ගොස් පිටපතට අනුව මැරෙන එකෙක් පමණි.

මේ සිද්ධිය අපට යළිත් කියන්නෙ ලඟම ඉන්න එකෙකුට ලඟට ගොස් වෙඩි තබන්නට ඉඩක් නැතිනම්  පොලිසිය එක්කෝ වෙඩි නොතබා සිටිය යුතුය. නැතිනම් ගිනි අවි සහිත පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට ඉගැන්විය යුතුය.

එසේ නොවන තාක් කල් ගිනි අවියක් සහිතව සිටිනා පොලිස් නිලධාරියෙක් අසල ගැවසීම ආරක්ෂාව පිළිබඳ හැඟීමක් නොව මරණය පිළිබඳ බියක් ඇති කරවීමට සමත් වනු ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව ජනපති අතට ගියේ නීතිපතිටත් හොරෙන් !

Next Post

උසස් පෙළ යළි කල් දැමීම ගැන ඇමති කල් බලයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.