බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිවේගයට ඉඩගන්න තලංගම තෙත්බිම අලුතින් ගැසට් කරයි !

by Lanka Sara Editor
ජූලි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මතභේදාත්මක කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා දිවෙන අධිවේගී මාර්ගයට ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩ සැකසීමට, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති තලංගම තෙත්බිම තුළ අධිවේගයට අයත් වන ප්‍රදේශ ඉවත් කර අලූතින් ගැසට් කරමින් සංශෝධනයක් ගෙනඒමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙය පසුගිය ජුනි මස 19 වැනිදා 223/07 දරණ ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

සංරක්ෂණ පාරිසරික වශයෙන් වැදගත් කමක් සහිත මෙම තෙත් බිම 2007 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරි මගින් පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.

මෙම තෙත් බිමේ කිලෝමීටර් 3ක පමණ දිගින් යුතු කොටසක් අතුරුගිරිය නව කැළණි පාලම දක්වා වන අධිවේගී මාර්ගය ඉදිකරන ප්‍රදේශයට යටත් වේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

දැනට ප්‍රදේශයේ අවසර ඇති ක්‍රියා ක්‍රියාකාරකම් වන්නේ වී වගාව, ධීවර කර්මාන්තය, පාරිසරික සංචාර, සංචාර ආරක්ෂක කුළුණු ඉදිකිරීම සහ පක්ෂි නිරීක්ෂණ කූලුණු ඉදිකිරීමට පමණි.

නමුත් එම ප්‍රදේශය, කුලුණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් පිරිසක් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සම පසුගිය දා විභාගයට ගත් අතර එය ලබන සැප්තැම්බර් මස දක්වා කල් දමා තිබුණි.

එසේ තිබියදී මධ්‍යම පරිසර අධිකාරිය මෙය ඉදිකිරීමට නියෝග කිරීමට අවකාශය ලැබෙන පරිදි ආරක්ෂිත කලාපය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සංවේදී පරිසර කලාපය හරහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කිරීමට මුලින් මධ්‍යම පරිසර අධිකාරිය දැඩි විරෝධයක් දැක්වූ අතර එය පනතට පටහැනි බවට ද ප්‍රකාශ කර තිබුණි.

මධ්‍යම පරිසර අධිකාරිය එකල මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගෙන තිබුණි.

එහිදී ප්‍රකාශ වී ඇත්තේ කුළුණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වැනි ව්‍යාපෘති තනිකරම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරන තත්ත්වයක් පවතින බවයි.

මේ තත්ත්වය මත ජාතික පාරිසරික පනත උල්ලංඝනය වන බැවින් පනත වෙනස් කිරීමට ඔවුන් විසින් ගැසට්ටුව සංශෝධනයකට ලක්කර තෙත්බිම් කලාපය වෙනස් කිරීමට පියවර මෙලෙස ගෙන තිබේ.

කිලෝමීටර් දාහතක් දිග අධිවේගී මාර්ගය China Harbor Engineering Corporation ආයතනය විසින් ඉදිකරනු ලබන අතර මුලදී මෙය පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශ වුවද මේ වන විට ඒ සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 1620 අර්ධ වාර්ෂික ක්‍රමයට වසර පහළොවක් තිස්සේ ගෙවීමට එකඟ වී ඇති බව පසුගිය දිනවල දැඩි කතාබහට ලක්ව තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් මාත්‍රා දෙක එක දිනයක ලබාදීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව බාරදෙයි…

Next Post

වලානෙන් ඇල්ලූ බව කී ගණිකා නිවාසය ගැන අනූෂා දමයන්ති කියන කතාව

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.