බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ පද්ධතියේ ඇති නඩු එකොලොස් ලක්ෂ විසි හය දාහක් විසඳන්න ඉන්නේ විනිසුරුවරු 399 යි… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි…

මහාධිකරණයේ ඇති අපරාධ නඩුවලින් තුනෙන් එක්ක ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ... රටක් විදිහට ලජ්ජා විය යුතුයි...

by editor
ජූලි 5, 2023
in පුවත්
fast-track-court
Share on FacebookShare on Twitter

මේ රටේ අපරාධ මහාධිකරණ 48 තුළ විමසෙමින් ඇති අපරාධ නඩුවලින් තුනෙන් එකක්  ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ නඩු බවත් මේ සම්බන්ධව අප රටක් ලෙස   ලජ්ජාවට පත් විය යුතු බවත් අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ලෝකය අපේ සමාජය ගැන තක්සේරු කරන්නේ මේ දත්ත පදනම් කරගෙන බව ද අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

Wijayadasa-Rajapakshe-7
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ..

මේ වනවිට රටේ අධිකරණ පද්ධතිය තුළ නඩු එකොළොස් ලක්ෂ විස හය දහස් දෙසීය පනස් හයක් ඇති බව කි අධිකරණ ඇමතිවරයා , ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය තෙක් අධිකරණ පද්ධතියේ විනිසුරුවරු සිටින්නේ 399ක් පමණක් බවද හෙළි කළේය.

ඇමතිවරයා පාර්ලිමේන්තුවට මෙසේ  කරුණු ඉදිරිපත් කළේය.

  • “ අපේ රටේ අපරාධ මහාධිකරණ තියනවා 48ක්. එහි තිබෙනවා නඩු 29,723ක්.
  • දිසා අධිකරණ 61 තුළ තියනවා නඩු 2,63,481 ක්. මහේස්ත්‍රාත් අධිකරණ පද්ධතියය තුළ නඩු 8, 30,642ක් තිබෙනවා.
  • ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු1108යි.
  • කම්කරු විනිශ්ඡය සභාවල නඩු 5225 තිබෙනවා.
  • වාණිජ මහා අධිකරණයේ තියෙන්නේ නඩු 8376යි. ඉන් නඩු 5808ක් තියෙන්නේ බේරුම් කරණ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා.  විමසිමට සාමාන්‍ය නඩු තියෙන්නෙ 2568යි.

රටේ අධිකරණ පද්ධති තුළ මේ වනවිට ඇති සමස්ථ නඩු සංඛ්‍යාව  11,27,265 යි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ නඩු ප්‍රමාණය විසඳන්න රටේ අධිකරණ පද්ධතියේ,  ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ඉන්න  විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව   399 යි.”

මහාධිකරණයේ නඩු

මා මුලින් කී ආකාරයට . මහාධිකරණවල ඇති  අපරාධ නඩු සංඛ්‍යාව  29,723ක්. ඉන් 5550ක් ළමා අපචාර නඩු.  4312ක් ස්ත්‍රී දූෂණ නඩු.  ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ නඩුවල එකතුව 9862ක්. ඒ කියන්නෙ මහාධිකරණවල විභාග වෙමින් ඇති නඩුවලින් තුනෙන් එකක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ නඩු.

අප ශ්‍රී ලාංකිකයො විදිහට ඇත්තටම ලජ්ජා විය යුතු කාරණයක්. කණගාටු විය යුතු කාරණයක්.

ලෝකයේ ඕනෑම රටක් මේ දර්ශකය දිහා බලනකොට මේ රටේ ජනතාවගේ හැදියාව පෙනෙනවා. ඔවුන් ඒ සම්බන්ධව මිම්මක් ගන්නවා මේ දත්ත දිහා බලලා.

ඊලඟට තියන වැඩිම නඩු ප්‍රමාණය මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම. ඒ සම්බන්ධ නඩු 3286යි. විෂ මත්ද්‍රව්‍ය නඩු  3376යි. මේ දෙකේ එකතුව   නඩු 6661යි. මහාධිකරණ අපරාධ නඩු සමස්ථයෙන් සියයට 22ක් විෂ මත්ද්‍රව්‍ය සහ මිනී මැරීම.  මහාධිකරණයේ  සියයට 55ක් තියෙන්නේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය නඩු.

මේ අපරාධ මේ අපචාර නතර කිරීම සඳහා අප පියවර ගත යුතුයි. සමහර නඩු තීන්දු සම්බන්ධව නඩු කල්යෑම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ත් අප විනිසුරුවරුන්ට දොස් කියනවා.

ඒත් විනිසුරුවරන්ට නීතිය හදන්න බෑ, ඔවුන් ඉන්නේ පතවතින නීතිය ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීම තමයි පාර්ලිමේන්තුවේ ඉන්න 226 දෙනාගේ මූලික වගකීම.  ඒ මූලික වගකීම නොකර අපි පාර්ලිමේන්තුවට ඇවිත් අනිත් හැම දේම කරනවා. ඊට පස්සේ විනිසුරුවරුන්ට බනිනවා.”

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාසයකට වැඩි කාලයක් බන්ධනාගාරයේ සිටි නතාෂාට ඇප!

Next Post

එක අලියෙක් රට යැවූ පමණින් මේ තරම් කෑ ගහන්නේ බෞද්ධ සංස්කෘතිකාංගවලට එරෙහි පිරිසක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.