හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර තිබේ.
දිගින් දිගටම අධිකරණය මගහැර සිටින මෙම දෙදෙනා සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම් මත පදනම්ව මෙම නියෝග නිකුත් කර ඇත.
2025 අගෝස්තු 7 වන දින රාත්‍රියේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) නිලධාරීන් රාජගිරියේ සඳහම් සෙවණේ රතන හිමියන්ගේ පන්සලට පැමිණියහ. රතන හිමියන් අත් අඩංගුවට ගැනිම ඉලක්කය විය. නමුත් භික්ෂුව කොතැනකවත් සොයාගත නොහැකි විය. ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි. විමර්ශන අංශ කීවේ රතන හිමියන් හිතාමතාම සැඟවී සිටින බවය.
තුසිත හල්ලොලුව සහ නීතීඥ දිනේෂ් දොඩංගොඩ ගමන් කරමින් සිටි ජිප් රථයට යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ජිප් රථයේ තිබුණු ලිපි ගොනුවක් පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳව කෙරන විමර්ශනයට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ කැඳවීම් මගහැර සිටි තුසිත හල්ලොලුව උන්හිටිතැන්වලිනුත් අතුරුදන්ව ඇති බව විමර්ශන අංශ කීවේය.







