අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට තවත් මාස 06ක් බරපතල වැඩ සහිත සිර දඬුවම්!

by editor
ජූනි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්නට අභියාචනාධිකරණයේ ද්වී පුද්ගල විනිසුරු මඩුල්ල විසින්  තවත්  මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරනු අජිත් ප්‍රසන්නට  මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කර තිබුණි.

මෙම නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්  සිය තීන්දුවේ සඳහන් කර තිබුණේ  මෙම මාස 06ක සිරදඬුවම ක්‍රියාත්මක වනු ඇත්තේ අජිත් ප්‍රසන්න     දැනටමත් ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව බවය.

2019 වසරේ දෙසැම්බර් මස 06 වනදා සහ එම මස 08 වනදා යූටියුබ් නාලිකා ඔස්සේ මහෙස්ත්‍රාත්වරුන් කිහිපදෙනකුගේ තීරණ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්නට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.

එම චෝදනාවලට වරද පිළි ගනිමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන් අජිත් ප්‍රසන්න තමන් මින් මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිවුරුම් ප්‍රකාශයක් තුළින් ලබාදී තිබු එම ප්‍රතිඥාව සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබූ චෝදනා දෙකකට අජිත් ප්‍රසන්න   වරදකරු කරන බව තීරණය කළේය.

ඒ අනුව එක් එක් චෝදනාවට මාස 6 බැගින් මාස 12ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම සිර දඬුවම මාස 6 කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබුණි.

වගඋත්තරකාර අජිත් ප්‍රසන්න මින්මතුවට අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න   විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම සිරදඬුවම්වලින් නිදහස් වී ගිය දිනයක අධිකරණය විවේචනය වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතු බවටත් මෙහිදී විනිසුරුවරයා විසින් වගඋත්තරකාර අජිත් ප්‍රසන්නට තරයේ අවවාද කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝග ලක්ෂණ නොපෙන්වා මරණය කැඳවන සැඟවුන මාරයෙක් රටේ ජනතාවගෙන් හතරෙන් එක්ක වෙලාගෙන!

Next Post

ලෝක සාගර දිනය අදයි… වාර්ෂිකව සමස්ත  සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.