කරුණු කීපයක් සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (14) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ලබන 20 වැනිදා සිට ආරම්භවන පාර්ලිමේන්තු සැසියේ දී ප්‍රමුඛත්වය තිය යුතු කරුණු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබූ මාණ්ඩලික අවබෝධතා ගිවිසුම සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම, පාළාත් පාලන මැතිවරණය සඳහා දින වකවානු සාකච්ඡා කිරීම, ඇතුළු තවත් කරුණු කීපයක් සම්බන්ධව සාකච්ඡා කර මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇත.







