බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද පාප්තුමා තොරා ගන්නට හැකි වේවි ද?…

by editor
මැයි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

බදාදා සවස සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුමාරයක් නැගුනේය. ඉන් සංඥා වූයේ පාප්වරයෙක් තෝරා ගැනීම සඳහා කාදිනල්වරුන් විසින් පවත්වන ලද පළමු වටයේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයකින් නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නොහැකිවීම ය.

Black-smoke-billowing-from-the-chimney-of-the-Sistine-Chapel
සිස්ටන් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුම පිටවුන අයුරු…

පූජනීය කිරිගරුඬ ශාලා සහ කාර්දිනල්වරුන්ගේ ගෞරවනීය ඒකරාශී වීමේ පසුබිමෙහි දෝංකාර දෙන ලතින් ගායනා දිනයකින් පසු අද (08) දක්වා ඡන්ද දිනය ඉදරියට පැමිණියේය. දැනට කිව හැක්කේ ඊළඟ පාප් වහන්සේ නිසැකවම මේ කාදිනල්වරුන් අතර සිටින බව පමණය.

මේ වනවිට සියලු දෙනාම හබෙමස් පාපම් – “අපට පාප්වරයෙක් සිටී” – සංඥා කරමින් සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුම එන තෙක් බලා සිටිති. කතෝලික පල්ලියේ ඉහළම තලයේ බෙදීමක් ඇති වටපිටාවක ඊළඟ පාප්වරයා කවුරුන්ද යන්න කිසිවෙක් නොදනිති.

ඊයේ සමුළුව ආරම්භ වී පැය තුනකට වැඩි කාලයක් ගත වූ පසු කළු දුම දිස් විය. දේවස්ථානයෙන් පිටත රැස්ව සිටි පිරිසක් ඝෝෂා කළහ. නව පාප්වරයෙකු නොමැති බව පැහැදිලි වූ විට පිරිස විසිරී යන්නට පටන් ගත්තේය.

මීට පෙර කිසිදා කාදිනල් සමුළුවක හඬක් නොතිබූ රටවලින් දුසිම් දෙකකට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව වයස අවුරුදු 80 ට අඩු කාදිනල්වරු ඡන්ද සඳහා සුදුසුකම් ලබා සිටිති. නව පාප්වරයෙකු තෝරා ගන්නා තෙක් ආහාර සහ විවේකය සඳහා පමණක් කාදිනල්වරුන්ට ඔවුන්ගේ නේවාසිකාගාරයට යා හැකිය. ඔවුන් මුලුමනින්ම සිය මුඛ්‍ය පරමාර්ථයවන පාප්වරයෙක් තෝරා ගැනීම සඳහා පමණක්ම යොමු වී සිටිති.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ලෞකික බලපෑමෙන් මේ අවස්ථාව අපවිත්‍ර වීම වැලැක්වීමටත්, වෛරස් ලෙස පැතිරෙන සමාජ මාධ්‍ය පලකිරීම වැලැක්වීමටත් ගෞරවනීය කාදිනල්වරුන්ගෙන් ඔවුන්ගේ ජංගම දුරකථන රැගෙන නොයන ලෙස ඉල්ලා තිබේ. කෙසේ වෙතත් යම් කාදිනල්වරයෙක් අසනීපව සිටී නම් ඔහුගේ කාමරයේ සිට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා ගත හැකිය.

ඡන්දය පැවැත්වෙන ආකාරය

බ්‍රහස්පතින්දා සිට, සෑම පූර්ණ දින සැසියකදීම ඡන්ද හතරක් පවත්වනු ලැබේ. මින් පෙර පිළිවෙලින් ඡන්ද පහකින් සහ හතරකින් පසු ෆ්‍රැන්සිස් සහ XVI වන බෙනඩික්ට් පාප්වරු තේරී පත් වූහ. එම රටාව නැවත අනුගමනය කළහොත්, අද දිනය තුළ පාප් තුමා තේරී පත්වනු ඇත.

තේරීම තුන්වන දිනට කම්පන සහගත ලෙස දිගු වුවහොත් එය ඉතිහාස වනු ඇත. අවසන් වරට පාප්වරයෙක් තෝරා ගැනීමේ සම්මේලනයක් දින පහක් දක්වා දිගු වූයේ සියවසකට වඩා වැඩි කාලයකට පෙරය. එනම් 1922 දී ය.

ෆ්‍රැන්සිස් පාප් තුමාගේ මරණයෙන් පසු, කාදිනල්වරු පල්ලියේ අනාගතය සඳහා පරස්පර දර්ශන ඉදිරිපත් කර තිබුණහ. මේ පැවැත්වෙන්නේ පාප්වරයෙක් තෝරා ගැනීම සඳහා ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම සමුළුවය. ඒ සඳහා කාදිනල්වරු 133 ක් සිටිති. බොහෝ කාදිනල්වරුන් ඔවුන්ගේ සම වයසේ මිතුරන්ට අලුත් සහ නුහුරු නුපුරුදු අයය.

“නව පාප් වහන්සේ දින තුනකින් [හෝ] හතරකින් පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” කාදිනල් සමුළුවේ ප්‍රධානී කාදිනල් ලුවී රෆායෙල් සාකෝ මෙම සතියේ මාධ්‍යවේදීන්ට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

NPP සාමාජිකයෙකුට පහර දෙන්න ගිය පැරදුන සජබ අපේක්ෂකයෙක් අත් අඩංගුවට…

Next Post

සමන්ත රණසිංහ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.