ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්රාප්තියේ දෙවන වසර, අගමැති මහින්ද රාජපක්ෂ ගේ 76වැනි ජන්ම දිනය, රුවන්වැලි සෑය පෙනෙන මානයේ තැනූ සඳහිරු සෑය සඟ සතු කිරීම අද (18) යෙදී තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ ඉපදුනේ 1945 නොවැම්බර් 18 වැනිදාය. ඔහුට දැන් වසර 76කි. ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 07වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරුණු පසු ඓතිහාසි රුවන්වැලි මහා සෑ රදුන් ඉදිරියේ දිවුරුම් දුන්නේ නොවැම්බර් 18 දා ය. ඔහු ජනාධිපති වී අවුරුදු 02කි.
ඒ නිමිති කොට මේ දෙපළ එක් වී අද මහමෙවුනා උයනේ ඉදිකර අවසන් කළ සඳහිරු සෑය සඟ සතු කරන්නේය.