අද (06) දහවල් 12 සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසන්නේ පානදුර හා මොරටුව අතර පවතින දුම්රිය දුම්රිය සංඥා දෝෂය නිවැරදි නොකිරීම ධාවනයෙන් ඉවත් වීමට හේතුව බවය.
මේ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සහ රියදුරු සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු පැවැත්වෙන බවද සංගමය සඳහන් කළේය.







