අද (12) මුල් කාර්තුවේ 1429ක් හා දෙවන කාර්තුවේ තවත් 957ක් ලෙස කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2386ක් වාර්තා වූ බව කොවිඩ් වාර්තා වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කළේය.
ඒ අනුව අද වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 238ත් සමග මෙරට වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන එක්ලක්ෂ තිස් තුන් දහස් හාරසිය අසූ හතරක් ( 1,33, 484) බව රජය නිවේදන කළේය.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,016ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 107,657ක් විය. අද වනවිට කොවිඩ් ආසාදිත රෝගීහු 25827 ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ගනිමින් සිටිති.