බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචරණ සීමා නිවේදන අතර ජනතාව පැටලෙයි…

by editor
මැයි 12, 2021
in පුවත්
UNITED STATES - AUGUST 06:  A stop sign sits in a hole in a residential street in the Lower Ninth Ward of New Orleans, Louisiana, Sunday, August 6, 2006. U.S. President George W. Bush said last month the U.S. government has committed more than $110 billion to the recovery of the Gulf Coast, declaring "we've got a plan" for the hurricane-battered region, but almost a year after Hurricane Katrina struck, that plan is hard to discern.  (Photo by Daniel Acker/Bloomberg via Getty Images)

Share on FacebookShare on Twitter

කොවිඩ් රෝග ව්‍යාප්තියේ බරපතල තත්ත්ව මත රජය විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කරන ලද සංචරණ සීමා පිළිබඳව වරින් වර විවිධ නිවේදන නිකුත් කිරිම හේතුවෙන් ජනතාව දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇත. යුද හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදන අතර පරස්පරතාවන් හෝ විවිධ ව්‍යාකූලත්වයන් නිර්මාණය විය.

රජය විසින් පෙරේදා නිවේදනය කරන ලද්දේ අන්තර් පළාත් සංචරණ සීමා ඊයේ සිට ක්‍රියාත්මක වන බවය. ඊට අදාළ  මඟ පෙන්වීම් ඊයේ දිනයේදී ප්‍රකාශ වු අතර එහිදිද නිසි මඟ පෙන්වීම් මාලාවක් රජය ප්‍රකාශයට පත් කළ පරිදි ලබා නොදීම නිසා පළාත් අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේදී විවිධ ගැටලු අර්බුද නිර්මාණය වූ බව වාර්තා වෙයි.

අද දිනයේ ද  මුලින්ම අද රාත්‍රි 11 සිට අළුයම 4.00 දක්වා මෙම මාසය අවසන් වන තෙක් රට තුළ ඇඳිරි නීතිය හා සමාන සංචරණ සීමා ක්‍රියාත්මක වන බව ප්‍රකාශ වූ අතර ඊට පසුව යළි එය සංශෝධනය විය. ඒ අනුව යළිත් මෙම සංචරණ සීමා පිළිබඳව රජයේ දැන්වීම වූයේ ලබන සඳුදා වන තෙක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවය. කෙසේ වුවද ඒ අනුව පැවසුණේ ලබන සඳුදා සිට මැයි මස 31 වැනිදා දක්වා නිවසින් පුද්ගලයකු බැහැරට යාමේදී ජාතික හැඳුනුම් පතේ අග ඉලක්කම ඔත්තේ හෝ ඉරට්ටේ විම මත අදාළ දිනයේ බැහැරට යා හැකි මට්ටමේ සීමාවක් පනවන බවය.

මෙම නිවේදනයද මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත්වීමෙන් පසුව අද සවස පස්වරු 6.15 රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් කියවුනේ හෙට (13) බ්‍රහස්පතින්දා සිය රාත්‍රි 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන බවය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මෙම නිවේදනයද මාධ්‍යයට නිකුත් වීමෙන් අනතුරුව යුධ හමුදාපතිවරයා  අද රාත්‍රියේ  ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ මෙම සංචරණ සීමා හෙට රාත්‍රි සිට නොව අද රාත්‍රි 11.00 සිට ක්‍රියාත්මක වන බවය.

කෙසේ වුවද යුධ හමුදාපතිවරයා විසින් ලබා දෙන ලද අවසන් ප්‍රකාශයට අනුව අද රාත්‍රි 11 සිට හෙට පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මකවන මෙම සංචරණ සීමා යලිත් හෙට රාත්‍රි 11.00 සිට ලබන සඳුදා අලුයම 4.00 වන තෙක් දිගටම ක්‍රියාත්මක වන බවය. යුද හමුදාපතිවරයාට අනුව හෙට රාත්‍රියේ සිට සඳුදා අලුයම වන තෙක් අත්‍යවශ්‍ය සේවා හැරුණු විට කිසිදු පුද්ගලයකුට නිවසින් බැහැරව යාමට අවසර නොලැබෙන අතර  සඳුදා සිට පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් ඉලක්කම ඔත්තේ නම් ඔත්තේ දිනයක සහ අවසන් ඉලක්කම ඉරට්ටේ අංකයක් හෝ බිංදුව නම් ඉරට්ටේ දිනයක පමණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් ආසාදිතයන් 2386… රෝගීන් 25827ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල…

Next Post

කොස්ගොඩ තාරක මීරිගම සිදුවීමකදී මිය යයි

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.