දිනසේන රතුගමගේ –
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අට හැවිරිදි දැරියගේ අතක් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී යාපනය ශීක්ෂණ රෝහලේ වාර්තා පරීක්ෂණ ලිපි හා අනෙක් ලියවිලි සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ඊවේ ( 27) මතුවුණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට යාපනය ශීක්ෂණ රෝහලෙන් හා කොළඹින් පත් කරණ ලද විශේෂ කමිටු දෙකේ වාර්තා ඉතා සැක සහිත බවත් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට හේතුව මේ සිද්ධියට සම්බන්ධ හෙදිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලේ හා උතුරු පළත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් උත්සාහ කිරීම නිසා බවත් අධිකරණයේදී ප්‍රකාශ වුණි.
දැරියගේ දෙමව්පියන් හා ඥාතීන්ද නීතිඥවරුන්ද ඉල්ලා සිටියේ එම වාර්තාවන්වල කුමක් සදහන් වූවත් යාපනය පොලිසියේ වාර්තා හා කොළඹ යම් යම් ආයතනවලින් ලබා ගන්නා වාර්තා පදනම් කරගෙන මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යන ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා දැරියගේ කපා ඉවත් කළ අත කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ කායවිඡ්චේද වෛද්‍යවරයකු ලවා පරීක්ෂණයකට භාජනය කරන ලෙස නියෝග කළේය .
ඊට ප්‍රතිචාර දක්වමින් යාපනය මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කීපයක්ම ලබා දුන් අතර දැරියගේ අත කොළඹ විශ්ව විද්‍යාලයට යැවීමට කටයුතු කිරීමේදී සියළු ක්‍රියාවන් සමග පොලිසිය සිටිය යුතු බවටද නියෝග කරණු ලැබීය.
දැරියගේ අත අහිමිවීම සම්බන්ධයෙන් යාපනය රෝහලේ සිදු කළ වාර්තාවන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරණ ලෙසට කෙරුණු ඉල්ලීම මෙහිදී සලකා නොබැලුණු අතර මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති සියළුම පොලිස් වාර්තා දින දහයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසයි.