අත්අඩංගුවට ගත් Save the pearls සංවිධානයට අයත් මදුරන්කුලියේ පවත්වාගෙන ගිය මද්‍රාසා පාසලේ ගුරුවරුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හලාවත හා මදුරන්කුලියේ පදිංචි අවුරුදු 26 සහ 27 වයස්වල පසුවන මොහොමඩ් බසීර් හා අබුබකර් සිද්දික් යන මෙම සැකකාර ගුරුවරුන් දෙදෙනා ඊයේ සවස (27) අත් අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් දෙදෙනා සේවය කරමින් සිටි මද්‍රසා පාසලට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවා වන සහරාන් හෂීම් නමැත්තා පැමිණ දරුවන් සඳහා දේශන පවත්වා ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීවේය.