සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතරමං වූ දැරියක් සිවු දෙනෙක් දූෂණය කරලා… සමාජයේ තිරිසන්කම කියන ඇත්තම කතාවක්…

by editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැරියට තවම අවුරුදු 13 යි… අතරමං වී සිටි ඇය දූෂණය කළ නොමිනිසුන් අතර හමුදාවෙ ලාන්ස් කෝප්‍රල්වරයෙක්
  • මංගලගම පොලිසිය දූෂකයන් හඳුනාගෙන… දැරිය පරිවාස භාරයට පත් කරලා
  • වැරදිලාවත් පොඩි එකෙක් රැකවරණයෙන් මුදවන්න එපා… අපි ඉන්නෙ වියරු වැටුණු සමාජෙක… පොලිසිය කියයි

සුසන්ත අමරබන්දු –

වයස අවුරුදු 13 මාස නමයක් වයසැති  නමය ශ්‍රේණිය ඉගෙනුම ලබන දැරියක් එක් අයෙකු විසින් අපහරණයට ලක් කර තවත් තිදෙනකු විසින් දූෂණය කිරීමේ සිදුවීමක් සම්බන්ධව අම්පාර මංගලගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා සැකරුවන් 04 දෙනෙක් අත්අඩංගුට  ගෙන තිබේ.

මෙම දැරිය අක්කා සමඟ අම්පාර රෝහලට පැමිණි අවස්ථාවක ත්‍රී රෝද රථ රියදුරුකු සමඟ හිවත්කමක් ඇති කරගෙන පසු දිනක අම්පාරට පැමිණ එම ත්‍රිරෝද රථයේ  රියදුරු මුණගැසී සවස් වෙන තෙක් ඔහු සමග උද්‍යානක  ගත කර තිබේ.

අම්පාර බස් නැවතුම්පොළට එන විට සවස් වී තිබුණු බැවින් නිවසට යෑමට නොහැකිව අඬමින් සිටින දැරියව  උහන මාලිගාතැන්න ප්‍රදේශයේ තරුණයෙකු දැක ඇත.

දැරිය ගෙදර රැගෙන යන්නට පොරොන්දු වූ මෙම පුද්ගලයා  එම දැරිය ලැගුම්හලකට ගෙනගොස් දූෂණය කර තිබේ. ඉන්පසු ඇය සමග කොළඹ යන බව පවසා අම්පාර සිට කොලඹ යන බස් රථයක නැගි ඇයගේ අතට රුපියල්  500 දුන්  තරුණයා මංගලගමින් බස් රියෙන් බැසගොස්  තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෙදරට යෑමට බියවී කොළඹට ගොස් ඇත.

කොළඹ දී යන්නට කිසි තැනක් නොමැතිව සිටින විට  නිවාඩු එමින්   සිටි හමුදාවේ   ලාන්ස් කෝප්‍රල්වරයෙක් ඇය තම නිවසට රැගෙන ගොස් තිබේ. එම අවස්ථාවේදී ද දැරිය දූෂණයට ලක්ව ඇත. එම යුද හමුදා සෙබලා දැරියට රෙදිපිළි පාවහන් රැගෙන දී  පොරොන්දුවක් ද ලබා දී ඇය අම්පාර එවීමට කටයුතු යොදා ඇත.

අම්පාරට එවිමට බස් රථයක් නොමැති නිසා ඇයව මොනරාගල යන බස් රථයක නංවා එවා තිබේ. අලුයම මොණරාගල පැමිණිවිට හමූවු තරුණයකු    අම්පාරට යන බස් ඇත්තේ  උදෑසන යැයි පවසමින් එම දැරිය රවටා ගෙන   දූෂණය කර ඇත. පසුව උදෑසන ඇයව අම්පාර බස් රථයකට නංවා තීබේ.

ඇයගේ මව අම්පාරේ ඇඟළුම් කම්හලක සේවිකාවකි.   අම්පාරේ දී දැරිය සොය යන  මවට ඇය හමුව තිබේ. ඒ  වනවිට දැරිය අතුරුදන්වීම පිළිබඳව  දැරියගේ මව විසින්   මංගලගම පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව මංගලගම පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශනය ආරම්භ කරන ලදී. මුලදි හමු වූ තීරෝද රථ රියදුරා මෙම දැරිය අපහරණය  කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද   ඉදිරිපත් කිරීමෙන් පසුව  හඳුනාගෙන තිබේ.

පසුව අම්පාර නගරයේ සිටියේ දී  අවට ලැගුම්හලකට ගෙන ගොස් දුෂණය කළ උහන මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි තරුණයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර එම දැරිය ඔහුද හදුනාගන්නා  ලදී

එම දෙදෙනාම මේ වන විට අධිකරණයෙන් ඇප ලබා තිබේ.

ඉන්පසු කොළඹ ප්‍රදේශයේ දී එම දැරිය නිවෙසට රැගෙන ගොස් දූෂණයට ලක්කළ හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයා සහ මෙම දැරිය මොනරාගල බස් නැවතුම්පොළේ දී සිටියදී රැගෙන ගොස් දූෂණය කළ වැල්ලවාය පෙදෙසේ තරුණයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයා සහ වැල්ලවාය ප්‍රදේශයේ තරුණයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට දැරිය පරිවාස නිලධාරීන්ගේ භාරයට පත්කර තිබේ.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු   නැගෙනහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ උපදෙස් මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ සහ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ මගේ පෙන්වීමෙන් අම්පාර කොට්ඨාස 2 භාර සහකාර පොලිස් අධිකාරී ටී එම් ජයරත්නගේ අධීක්ෂණයෙන් මංගලගම  පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. සතරසිංහගේ මෙහය වීමෙන් උ.පො.ප. වන්නිනායක මහතා ඇතුළු පො.සැ.(3882) චන්දන, පො.සැ.(10557) කුමාරතුංග , කා.පො.සැ(3568) කුමුදිනී, කා.පො.(8888) අනුරාධ යන නිලධාරී මේ පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටිති,

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරද ජනතාව දැනුවත් කිරීමයි.. මේ තමයි මා කළ ජනතා මෙහෙවරට ලැබුණු තෑග්ග…

Next Post

පරිසරය වෙනුවෙන් කැපනොවෙන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නැයි පාප්වහන්සේ කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.