ජාතික විදුලි බල ඉල්ලුම දැඩි ලෙස පහළ වැටෙන අලුත් අවුරුදු සමයේ අප්‍රේල් 10 සිට 21 දක්වා කාලය තුළ ජාතික විදුලි බල පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කරදීම සදහා පියැසි මත සූර්ය පැනල සවි කර ඇති විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයින් එම පද්ධති තාවකාලිකව අක්‍රීය කිරීම සඳහා තීරණය කර ඇතැයි විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
ජාතික පද්ධතියේ අත්‍යාවශ්‍ය සමතුලිතතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම කැප කිරීම එම සේවකයින් විසින් සිදු කර ඇති බව පවසන විදුලිබල මණ්ඩලය අද උදෑසන වනවිට සමස්ථ විදුලි බල ඉල්ලුම මෙගා වොට් 780ක් දක්වා පහළ බැස ඇති ආකාරය පෙන්වා දෙයි.
අලුත් අවුරුදු උත්සව කාලයේ දී රටේ විදුලිබල ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ස්වකීය පුද්ගලික ප්‍රතිලාභය පසෙක දමා කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තොරව මෙම තීරණය ගැනීම ගැන කෘතඥවන බව විදුලි බල මණ්ලය නිවේදනය කරයි.







