බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඩසියවසක් පිරෙන මොහොත අර්ථපූර්ණය කළ සහෝදරයන්ගේ කතාව!

by editor
සැප්තැම්බර් 15, 2022 - Updated on සැප්තැම්බර් 16, 2022
in පුවත්
හිටපු විදුහල්පති බී.සූරියආරච්චි තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළ අයුරු..

හිටපු විදුහල්පති බී.සූරියආරච්චි තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළ අයුරු..

Share on FacebookShare on Twitter

අඩසියවසක් පූරණය කෙරෙන මොහොත,  ගෙවා පැමිණි දිවි මග දෙස යළි හැරී බැලීම සඳහා ඉඩ හසර සලසන්නේය.  ‍

එතෙක් ස්වකිය ජීවිත පෝෂණය කර සාර පල නෙලා ගැනීමට හිනි පෙත් සැදූ   නිර්ලෝභී මිනිසුන් සහිත පරිසරය වෙත යළි තමන් තුළින් මතුවී නැගෙන කෘතවේදී බව ප්‍රදානය කිරීමේ අභිලාෂය මතු කර ගැනීමට අවස්ථා උපදවන්නේය.

මෙය ජීවිතයට දශක පහක් පිරෙන මොහොතට     විශිෂ්ට අර්ථයක් එක් කළ  මගේම ආදරණීය සහෝදර පිරිස  සම්බන්ධව ප්‍රමාද වී තැබෙන  සටහනකි.

රාජකීය විද්‍යාලීය නව තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය…

රාජකීය විද්‍යාලයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කෙරිනි. ඒ රාජකීය විද්‍යාලයීය 91 කණ්ඩායමෙනි. 91 කණ්ඩායම මේ ව්‍යාපෘතිය සංවිධානය කරන්නේ ස්වකීය ජීවිතයේ අඩ සියවස් පූර්ණය සැරසීම වෙනුවෙනි.

මේ සංකල්පය ඉදිරිපත් වන්නේ හිරාන් විමලරත්න අතිනි.   ව්‍යාපෘතිය ප්‍රායෝගික තලයේ දී  කළමනාකරණ වගකීම ප්‍රභාෂ් රණවීර දැරුවේය. කැපවීම්වලින් පූර්ණ  ප්‍රභාෂ් ප්‍රමුඛ සහෝදර කණ්ඩායම  මාර්තු මස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

තොරතුරු තාක්ෂන විද්‍යාගාරය..

ඔවුන්ගේ පළමු කාර්යය වූයේ   විද්‍යාගාරය නවීණ තාක්ෂණයානුකූලව වැඩිදියුණු කිරීමට කළ යුතු කාර්යය තක්සේරු කිරීමය. තක්සේරුව මිලියන 26කි. දෙකෝටි හැට ලක්ෂයකි. 91 කණ්ඩායමේ සහෘදයින් ස්වකීය දායකත්වයෙන් එම මුදල එකතු කරගැනීමට තීන්දු කළහ.

අරමුදල් රැස්කිරීම දැවැන්ත කණ්ඩායම් ප්‍රයත්නයක් විය. ලෝකය පුරා විසිරී සිටින සගයෝ  එක මිටකට යළි එක් වී සිටියහ.      සෑම මහාද්වීපයක්ම නියෝජනය කරන කමිටු  පිහිටවනු ලැබිනි.  ඉලක්කගත නිශ්චිත කාලයක් තුළ  අරමුදල  රැස්කර ගැනීමට සාමූහික ප්‍රයත්නයක් දියත් විය.

රට ගෙවමින් තිබුණේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයකි. තීව්‍ර සමාජ ආර්ථික බිඳවැටීම් සලකුණු වෙමින් තිබිණි. ඒ සියලු අභියෝග අතර    අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ලබා ගැනීමට  මෙහෙයුම් කමිටුවට සිදු විය. එහෙත් කොන්දේසි විරහිත කැපවීම සියලුම බාධාවන් බිඳ දමුවේය.

එය ප්‍රතිසංස්කරණයක් නොව. ප්‍රතිනිර්මාණයක් බඳු සැකැස්මකි.  නවීන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය රාජකීය විද්‍යාලයේ සිසුන් වෙත ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ජුලි මස 11 වන දින විදුහල්පති, උප විදුහල්පති, තොරතුරු තාක්ෂණ විෂය භාර ආචාර්යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

අතිශය සංවේදී අවස්ථාව වූයේ 91 කණ්ඩායම විද්‍යාලයේ අකුරු කරන අවධියේ විදුහල්පතිවරයා වූ බී. සූරියආරච්චි ශූරීන් ගෞරවණීය ආරාධිතයා ලෙස එම මොහොතට කැඳවීමය. ඒ අවධියේ ප්‍රාථමික අංශයේ  හා ද්විතීයික අංශයේ ප්‍රධාන ආචාර්යවරුන් වන මානෙල් විමලරත්න මැතිණිය සහ ආටිගල මැතිණිය ද එම මොහොතට ඇරයුම් ලැබ සිටියහ.

තමන් රෝපණය කර රැක බලාගත් සිඟිති පැල මහා වනස්පතීන් වී ලොවක් සෙවන කරනු දැකීම උයන්පල්ලෙකුගේ මහත් වූ අභිලාෂය ය.  මේ ගෞරවනීය ගුරුවරු තමන් සෙවනේ ශික්ෂණය ලද  දරු කැකුළු වියපත් මිනිසුන් ලෙස ලෝකයට සාරපල බෙදනු  දකිමින් සිටියහ.

සැබෑ මිනිස්සු ජීවිතයේ සන්ධිස්ථාන ගැඹුරු හරයකින් යුතුව අර්ථ පූර්ණ කරති. ඒ පරිචය මූලික වශයෙන් ලැබෙන්නේ ඉගෙනගත් පාසලෙනි.

මේ වග ලියා තැබිය යුතුය.  රාජකීය විද්‍යාලය වර්ණනය වන්නේ පන්තිමය ගර්වයෙන් නොවේ. එහි සැබෑ පැහැය ඇත්තේ    දරුවෙක් පාසල තුළ  ලබන පුළුල් සමාජ නිරාවරණය තුළය. ඒ වර්ණවත් වියමන  සියලු ආගම්, ජාති, කුළ   නියෝජනය කරමින් කුරුඳුවත්තේ සිට හැටේ වත්ත දක්වා වූ අන්තරයක පැතිරෙන්නේය. උසස් අභිලාෂයන් සහිත රාජකීයෙක් නිර්මාණය වන්නේ ඒ සමාජ නිරාවරණයෙන් උපන්  චින්තන පරිපාකය ඔස්සේය.   .

91 කණ්ඩායම සිය පනස් වැනි දිවි සැමරුව වෙනුවෙන් සිදුකළ මේ ප්‍රදානය කෝටි දෙකහමාරක තාක්ෂණ විද්‍යාගාරයකට ලඝු කළ යුතු නැති බව විශ්වාස කරමි.

එහි ඇත්තේ  ජීවිතයේ සන්ධිස්ථාන ගැඹුරු හරයකින් යුතුව විවරණය කළ හැකි සැබෑ රාජකීයයෙකුගේ  ආදර්ශය බව ගර්වයෙන් යුතුව ලියා තබමි.

ප්‍රභාෂ් රණවීර
හිරාන් විමලරත්න
Tags: නවතම
Share69Tweet43
Previous Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 81.5% වර්ධන වේගයක් වාර්තා කරයි

Next Post

පේරාදෙණියේ නවක වද කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.