අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වූ කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මිය පත්කර තිබේ.
අය නිවේදිකාවක් හා හිටපු නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කර ඇත.
සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කරයි.
ඇයගේ නව තනතුර සදහා පත්වීමේ ලිපිය ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා දී තිබේ.
ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභා සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ මහතාය.