අද අගමැති ලේකම් කාර්යාලය අසල ඇති වූ ගැටුමින් තුවාල ලැබූ විරෝධතාකරුවන් 30 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අද උදෑසන ගෝල්ෆේස් භූමියේ විරෝධතාකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 04 දෙනෙක් තුවාල ලබා රොහල් ගත කර තිබිණි.
කෙසේ වෙතත් මේ කිසිවෙක් අසාධ්‍ය තත්ත්වයේ නැති බව රෝහල් ආරංචි මාර්ග කියයි…







