ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ ඉල්ලා අස්වනතුරු අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ගෝල්ෆේස් අරගලකරුවන් වෙනුවෙන් අද (20) එහි පැවති මාධ්‍ය හමුවක දී පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියෝ පැවසූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය යෙදී ඇති අද දින ජාතික ශෝක දිනයක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවේශයන් වසා දමා උද්ඝෝෂණය කළ අරගලකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව උන්වහන්සේ කීහ.
අද දහවල් වනවිට අරගල භූමියේ 21 අත්අඩංගුවට ගෙන තවත් 09ක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව කියනමහානාම හිමියෝ නිරායුධව සාමකාමීව විරෝධතාවයේ යෙදී සිටි පිරිස් මෙසේ අත්අඩංගුවට ගැනීම පහත් ක්‍රියාවක් බව කීහ.
https://www.facebook.com/watch/?v=357360393149723&ref=sharing
පොලිසිය අරගලකරුවන් අත්අඩංගුවට ගත් හැටි…
මේ ආකාරයට රාජ්‍ය කුලී හේවායන් යොදවා විරෝධතා මර්ධනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම් ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට අරගලකරුවන්ට සිදුවන බව මහානාම හිමියෝ කීහ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම හිතවාදී රූපවාහිනී නාලිකා භාවිතා කරමින් අරගලය මර්ධනය කිරීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව කී උන්වහන්සේ මේ අරගලය එවැනි පහත් උත්සාහයන්ගෙන් මර්ධනය කළ නොහැකි බව පැවසූහ.
අද ඉතිරිව ඇති එකම විකල්පය ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යෑම බවත් ඉන් එපිට කිසිදු විකල්පයක් නැති බවත් කීහ.
අරගල භූමිය නියෝජනය කරමින් තවත් තරුණයින් රැසක් අදහස් දැක්වූහ.
සම්පූර්ණ පුවත්පත් සාකච්ඡාව පහත දැක්වේ.
https://www.facebook.com/anuruddhabandara05/videos/523259762911691