ලලිත් චාමින්ද
අකුරල වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
ඔහුගේ මළ සිරුර අකුරල වෙරල තීරයට ගොඩ ගසා තිබියදී ඊයේ පස්වරුවේ (22)) පොලිසිය විසින් සොයාගෙන ඇත. මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර බලපිටිය රෝහලේ තැන්පත් කොට ඇත.
මෙකී මළසිරුර පවුලේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර මොහු අඹගස්තැන්න මැද කොටුව දියදාව ප්‍රදේශයේ පදිංචි ඒ.එච්.එි. සංදීප නැමැති දහ නම හැවිරිදි වියේ පසුවන තරුණයෙකි .
මොහු මිතුරෙකුගේ නිවසට පැමිණ ඇති අතර එහිදී මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.