ලලිත් චාමින්ද –
අක්මීමන ආනන්ගොඩ ප්‍රදේශයේ නිවසකට අද (23)අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටවත් කිසිදු තුවාලයක් සිදුවී නැති බව ද පොලිසිය කියයි. නිවසේ ජනේලයකට වෙඩි තැබීමෙන් හානි වී ඇත.
මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකොටට ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධව අක්මිමන පොලිසිය පරීක්‍ෂණපවත්වයි







