බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංජුගේ කෝටි පහේ ලංසුව මැද කොච්චිකඩේදී පොලිස් වෙඩි කෑ රොහා කවුද?

by Lanka Sara Editor
සැප්තැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වන විට ක්‍රියාත්මක පාතාල කල්ලි අතලොස්ස අතර රත්මලානේ රොහාගේ සහ අංජුගේ කල්ලි දෙක හදුනාගෙන ඇත්තේ ප්‍රබල කල්ලි දෙකක් ලෙසිණි. මෙම කල්ලි දෙකේම ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමය. රොහා සිය මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේම මෙහෙයවන ලද්දේ බන්ධනාගාරයේ සිටය. අංජු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ ඩුබායි සහ ප්‍රංශයේ රැදී සිටිමිණි. මේ දෙන්නා අතර ඇත්තේ නයි මුගටි වෛරයකි. ඒ මත්කුඩු ජාවාරමේ කොටස වෙනුවෙන්ම පමණක් නොව, රත්මලානේ පාතාල බලය තනි අතට ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් මෙම කල්ලි දෙක අතර ඇතිවන ගැටුම් වලින් ගෙවී ගිය දසක දෙක තුළ මරුමුවට පත්වූ ගණන 20 කට වැඩිය.

මේ කල්ලිවලට කිසිදු සම්බන්ධකමක් නොමැති අයද ඒ අය අතර නැතුවාම නොවේ. දෙහිවල – ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද මෙම කල්ලි දෙකේ ගැටුම්වලට මැදිවී මරුමුවට පත්වූ අය අතර සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාවන රංජන්ද සිල්වාද සිටින්නේ ඒ ගොන්නේය.

මේ පාතාල කල්ලි නායකයන් දෙදෙනාගේ සටනින් අද අළුයම වන විට ජය ගන්නේ අංජුය. ඒ අංජු කාලයක් තිස්සේ සිහින මවමින් සිටි ආකාරයටම රොහා මරුමුවට පත්වන බැවිණි. ඒ අංජු අතින් හෝ අංජුගේ ගෝලයෙක් අතින් නොව පොලිස් වෙඩි පහරකිනි. මීගමුව කොච්චිකඩේ දී පොලීසිය සමග ගැටීමට ගොස් ඔහු මරුමුවට පත්වූ බව පොලීසිය පැත්තෙන් කියැවුණත් රොහාගේ මරණය සැබෑ ලෙසම සිදුවන්නේ පොලිස් වෙඩි ප්‍රහාරයකින් පාතාල අපරාධකරුවන් මරුමුවට පත්වන ආකාරයටමය. එසේ නොමැතිව රොහාගේ මරණයේ වෙනත් විශේෂත්වයක් නම් පෙනෙන්නට නැත.

රොහා මේ ආකාරයට පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේද රොහාගේ මරණය වෙනුවෙන් ප්‍රංශයේ සිට අංජු රුපියල් කෝටි 05 ක ලන්සුවක් තබා තිබියදී වීම විශේෂිතය.ලංකාසර අපි ඒ ගැනද පසුගියදා වාර්තා කළෙමු.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

(දකුණ) ලන්සියා (වම) රොහා

රොහාගේ ජීවිතයට අංජු මේ ලන්සුව තබන්නේ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටියදී රොහාව ඝාතනය කිරීමට ගත් උත්සහයන් කිහිපයක්ම වැරදී යාමෙන් අනතුරුවය. වරක් රොහාව බන්ධනාගාරයේදී මරා දමන්නට සැළසුම් කරන්නේ ඔහුගේ ආහාරයට වස කවලම්කරය. එය අසාර්ථක වූ තැන වෙඩි තබා ඝාතනය කිරීමටද උත්සාහයක් ගත්තේය. ඒ බන්ධනාගාරය තුළට ගිනි අවියක්ද යවමිනි. එය අසාර්ථක වූ තැන රොහාව මරා දැමීමට අංජු සැළසුම් කරන්නේ සයනයිඩ් විස ශරීරගතකරය. ඒ සදහා සයනයිට් කුප්පියක් මෙන්ම එන්නත් කටුද බන්ධනාගාරය තුළට අංජු යැව්වේය.

ඒ සදහා කුලී ඝාතකයෙකුගේ සහය ලබාගෙන තිබුනේ රුපියල් කෝටියක මුදලක් යොදවමිනි. එම ඝාතන සැළසුමද අසාර්ථක වන්නේ බන්ධනාගාර නිලධාරීන්ට අවසාන මොහොතේදී බන්ධනාගාර භූමියේ වල දමා තිබී සයනයිඩ් කුප්පිය සමග එන්නත් කටු හමුවීමත් සමගිනි.
එය එතැනින් හමාර වන්නේ නැත. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් යොදා රොහාව ඝාතනය කිරීමට අංජු සැළසුම් කළේය. ඒ වන විට එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සිටියේද රොහාව රඳවා සිටි මැගසින් බන්ධනාගාරයේමය.
සිය ජීවිත අවදානමක් ඇතිව රොහා මැගසින් බන්ධනාගාරයේම රැදී සිටියේ අධිකරණයෙන් ඔහුට ඇප නියම කර තිබියදීය. ඇප තැන්පත් නොකර ඔහු බන්ධනාගාරයේම රැදී සිටියේ පිටතට වඩා ඇතුළත ඔහුට ආරක්ෂා කාරී බව වටහා ගැනීම නිසාය. එහෙත් ඇතුළත ආරක්ෂාව ක්‍රමයෙන් තමාගෙන් ගිලිහී යන බව දැනගත් රොහා කොරෝනා අස්සේ ඇප බැද එළියට එන්නේ කාටත් හොරාය.

ඔහු සූදානම් වන්නේ බෝට්ටුවක නැගී ඉන්දියාවට පළාගොස් එතැනින් ඩුබායි හෝ වෙනත් රටකට යන්නටය. ඒ ඔහුට මෙරට ආරක්ෂාවක් නොමැති බව දැනගෙනය. ඔහුගේ ආරක්ෂාව හීන වන්නේ රොහාගේ මරණය වෙනුවෙන් අංජු තැබූ කෝටි 05 ක ලංසුවත් සමගිනි. රොහා ඒ වන විටත් සිටියේ යම් දේශපාලනඥයෙකුගේ රැකවරණය මතය. පොලිසීයේ ලොකු මහත්වරුන් කිහිප දෙනෙක් මෙන්ම දේශපාලනඥයන් රැසක්ම රොහාගේ සමීපතයින්ය.

එකී දේශපාලනඥයන් අතර දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක්ද සිටියේය. එම ඇමතිවරයාගේ දේශපාලන කටයුතු වලට රොහා ඉතා ලගින්ම උදව් කළේය. එසේම ඌව පළාතින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව රාජ්‍ය ඇමති ධුරයක් දරණ දේශපාලනඥයකු සමගින්ද ඉතා කිට්ටු ඇසුරක් රොහාට තිබුණේය. එම දේශපාලනඥයාට මෙවර මහා මැතිවරණයේදී රොහාගේ සහය හිමිව තිබුණු බව බුද්ධි අංශ සදහන් කර තිබුණි.

රොහා බන්ධනාගාරගතව සිටියේ 2016 වසරේ නොවැම්බර් 16 වෙනිදා සිටය. ඒ කුරුණෑගලදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමකට පොලීසියට කොටුවීමත් සමගිනි. 2016 ජූනි 23 වෙනිදා කඩවත පිහිටි මහර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේදී මෝටර් රථයක් තුළදී අංජුගේ වැඩිමහල් සහෝදරයා වන ලන්සියාට වෙඩි තබා ඝාතනය කර ඔහු ඒ වනවිටත් පොලීසියට කට්ටි පනිමින් සිටියේය.

මත්කුඩු නඩුවකට පෙනී සිටීමට අධිකරණට පැමිණි අවස්ථාවේදී එදා එසේ ලන්සියාව මරා දැමූ රොහා ඒත් එක්කම ඉලක්කරන්නේ ලන්සියාගේ සහෝදරයා වූ අංජුවය. ඒ වන විට පාතාලයට කිසිදු සම්බන්ධකමක් නොමැතිව සිටි අංජු සිය ජීවිතාරක්ෂාව පතා පැනගන්නේ මලයාසියාවටය. අංජු පාතාලයේ අතපොත් තබන්නේ මලයාසියාවේ සිටය.

සිය සහෝදරයාව මරාදමා තමාවත් මරාදමන්නට හැදූ රොහාගෙන් පලිගන්නට අංජු සංවිධානගතවන්නේ සිය සාහෝදරයාගේ මග යමිනි. ඒ වනවිටත් ලන්සියාගේ ගෝලබාලයින් සිටින්නේ සීසීකඩ විසිරී ගොසිනි. අංජු ඒ සියළු දෙනාම තමා වටා රැස්කර ගන්නේ දුරකතන ඔස්සේය. ලන්සියාගේ මත්කුඩු ජවාරමද අංජු සියතට ගත්තේය. ඒ රොහාට අභියෝගය කරමිනි.

ලන්සියාගේ ඝාතනයෙන් පසු පොලිසියට කට්ටි පනිමින් රොහා සැගවුණු ජීවිතයක් ගතකරන්නට ගත්තේය. ඒ ලන්සියාගේ සහෝදරයා වූ අංජු ගැන ඔහුට එතරම් විශ්වාසයක් නොවූ බැවිනි. ඒ වෙන කිසිවක් නිසා නොව, ලන්සියාගේ ඝාතනයෙන් හරියටම මාසයක් ඉක්මයන්නට මත්තෙන් ඔහු රොහාගේ පවුලේ ලගම ඥාතියෙක් බිල්ලට ගත් බැවිනි. රොහාගේ පුංචි අම්මාගේ පුතා වූ ඔහු ප්‍රභාත්ය. පිළියන්දල ජයමාවතේදී ඔහුට වෙඩි තබා මරා දමන්නේ රොහාට දැනෙන්නටය.

අනතුරුව ඔහු කුරුණෑගල යන්නේ යුද හමුදා විශේෂ බලකායෙන් පළාවිත් සිටි අපරාධකරුවෙක් සමගිනි. ඔහුට කියන්නේ බයිසිකල් බේබි යැයි කියාය. ඒ ගොස් ඔහු තමාට හිතවත් පොලිස් ලොක්කෙක් සමග එදා මත්පැන් වීදුරුවක්ද තොල ගැවේය. ඔවුන් එදා කුරුණෑගලට එන්නේ කුළියට ගත් මෝටර් රථයකිනි. එම රථය හිමිකරුවට නොදී ඔහු තබාගෙන සිටියේ පාතාලයේ හයියෙනි. එහි වූ ජී.පී.එස්. උපකරණය මගින් හිමිකරු මෝටර් රථයේ ගමන් මග ගැන විමසිල්ලනේ සිට එදා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන්නේ එම මෝටර් රථය තුරුණෑගල වැව රටුමේ පිහිටි හෝටලයක් ඉදිරිපිට නතරකර ඇති බවටය. ඒ අනුව කුරුණෑගල පොලිසියේ නිලධාරීන් මෝටර් රථය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේදී සිදුවන්නේ පොලිස් නිලධාරීයෙක් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යාමය.

එදා රොහාව පොලිසියට කොටුවූත් ඔහුට අතක්වත් තියන්නට පොලිස් ලොක්කාගෙන් ඉඩක් නොවීය. රොහා පොලීසියට කොටුවන විට රොහා සමග සිටි බයිසිකල් බේබි පැන ගන්නේ මගී බස් රථයක නැගීය. ඔහුව පොලීසියට කොටුවන්නේ ඊට මාස පහකට පමණ පසුවය. ඒ 2017 වසරේ අප්‍රේල් 27 වෙනිදාය. හම්බන්තොට මීගහඡදුරේ හේන් වාඩියක සැගවී සිටි බයිසිකල් බේබිගේ අවසානයද එය විය. ඔහු පොලිස් වෙඩි පහරකින් එදා මරුවැලද ගත්තේය.

එදා පොලීසියට හසුවුණු රොහා ගල්කිස්ස අධිකරණයේ විභාගවන නඩු සදහා රැගෙන එන විටත් නැවත රැගෙන යන විටත් සිය ගෝලයින් යොදා වෙඩි තබා ඝාතනය කරන්නට පවා අංජු පිඹුරුපත් සකස් කළේය. ඒ අතරින් රටේම අවධානයට යොමුවූයේ ගල්කිස්ස අධිකරණයේදී රොහාව ඝාතනය කිරීමට කළ සැළසුමය. එම සැළසුම ව්‍යර්ථවන්නේ රොහාට වෙඩි තැබීමට රැගෙනවිත් තිබුණු පිස්තෝලයත් රිවෝල්වරයත් උසාවි ශාලාවේ බිම වැටීම නිසාය. එදා 2017 වසරේ මාර්තු 01 වෙනිදාය. උසාවි ශාලාවේ ඒ වන විටත් විශාල පිරිසක් බංකු වල අසුන් ගෙන සිටි බැවින් වෙඩික්කරුවාට වැටුණු ගිනි පාර්සලය අහුලා ගන්නට ඉඩක් නොවීය. අවසානයේදී එම පාර්සලය හමුවන්නේ පොලීසියටය. එදා රොහාගේ දිවි බේරෙන්නේ එබැවිණි.

අංජු

රොහාව මරා දැමීමට අංජු උත්සහ කළ එකම අවස්ථාව වන්නේ එය පමණක් නොව, අංජු අවස්ථා කිහිපයක්ම ‍රොහාට වැඩක් දෙන්නට උත්සහගෙන තිබුණි. ඒ සෑම අවස්තාවක්ම ගිලිහී යන්නේ රොහාට ජීවත්වීමේ වාසනාව තවදුරටත් පැවැති බැවිනි. මේ නිසාම බන්ධනාගාරයේ සිට රොහා සැළසුම් කරන්නේ අංජුට දැනෙන්නට ඔහුගේ බාල සහෝදරයා වන සංජුව මරා දමන්නටය. එම ඝාතන කොන්ත්‍රාත්තුව රොහා විසින් ලබා දෙන්නේ සිය ගෝලයෙකුටය. රොහාගේ කල්ලියට රිංගවා සිටි ගෝලයින්ගෙන් ඒ ගැන කල්තියා දැනගත් අංජු සිය සහෝදරයාගේ ජීවිතය බේරාගත්තා පමණක් නොව, ඔහුව මරා දැමීමට කොන්ත්‍රාත්තුව ලබාගත් රොහාගේ ගෝලයාටද වැඩක් දුන්නේය.

මැගසින් බන්ධනාගරය තුළදී රොහාට සයනයිඩ් එන්නත්කර මරා දැමීමේ සැළසුමක ක්‍රියාත්මක වන්නේ මේ අතර තුරදීය. ඒ ඉකුත් 2019 වසරේ අප්‍රේල් මාසයේදීය. එදාත් අංජුගෙන් බේරුණු රොහාට මෙවර ජීවත් වීමට වාසනාවක් උදා වූයේ නැත. ඒ පොලිස් වෙඩි උණ්ඩය රොහාව සොයා ගෙන අවේය. ඒත් සමගින් තවත් පාතාලයේ ප්‍රබලයෙකුගේ ගමනකට නැවතීමේ තිත තැබුණේය.

 

අංජු සිය සමාජ ජාල ගිණුම් තුළ රොහාගේ මරණය සම්බන්ධයෙන් මුදාහැර ඇති පෝස්ටු කිහිපයක් පහත දැක්වේ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මහින්දයි මෝඩියි වීඩියෝ වැඩකට ලෑස්ති වෙයි

Next Post

සජිත් මෝටර් සයිකල් ඉල්ලයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.