අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

EPF සහ ETF එකට නම් අත තියන්න එපා… රටේ  වැඩකරන හැම මිනිහෙක්ම  පෙළ ගස්වනවා! NPP

by editor
පෙබරවාරි 13, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

සේවක අර්ථ සාධක අරමුදල  හා සේවක භාරකාර අමුදල මත අධිභාර පැනවීමේ සාහසික උත්සාහ නවත්වන්නේ නැති නම් මේ රටේ සියලුම වැඩකරන ජනතාව පෙළ ගස්වා එම අපරාධයට එරෙහිව දැවැන්ත අරගලයකට යන බව ජාතික ජන බලවේගය රජයට දන්වා ඇත.

රුපියල් බිලියන 2 ඉක්මවන ඕනෑම පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් සඳහා 25% අධිභාර බද්දක්   යෝජනා කර එම බද්දෙන් රුපියල් බිලියන 100ක් ඉපයීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් සමාගම් 65ක් පමණ මෙම බද්දට යටත් වන බවත් අයවැය යොජනා ඉදිරිපත් කරමින්  බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියත් සමාගම් අර්ථ නිරූපණය යටතේ  මේ අධිභාරයට වැඩි ප්‍රධාන වශයෙන්ම ඉලක්ක වන්නේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල බව ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේය.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය.

2021 අයවැයෙන් 2020/2021 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 2 ඉක්මවන ඕනෑම පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් සඳහා 25% අධිභාර බද්දක් ආණ්ඩුවෙන් යෝජනා කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම බද්දෙන් රුපියල් බිලියන 100ක් ඉපයීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර අයවැය විවාදයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ සමාගම් 65ක් පමණ මෙම බද්දට යටත් වන බවය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් 2022 පෙබරවාරි මස 03 වන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුකූලව ‘සමාගම’ යන්න මෙම පනත් කෙටුම්පතෙහි  අර්ථකථනය වේ. මෙයට අනුව අර්ථසාධක අරමුදල, විශ්‍රාම වැටුප් අරමුදල, විශ්‍රාම වැටුප් පාරිතෝෂික අරමුදල හෝ ඒ හා සමාන අරමුදලක් සමාගමක් ලෙස හැඳින්විය හැකි බැවින් යෝජිත අධිභාර බද්දට යටත් වේ.

2019 වසරේ අර්ථසාධක අරමුදලේ බදු අය කළ හැකි ආදායම රුපියල් බිලියන 250කි. 2020 දී එම මුදල සැලකිය යුතු ලෙස වැඩි වනු ඇතැයි අපට උපකල්පනය කළ හැකිය. රුපියල් බිලියන 250ක් මත 25%ක අධිභාර බද්ද රුපියල් බිලියන 62.5ක් වේ. එනම්, 2019 ආදායම මත පදනම්ව ගණනය කළද අපේක්ෂිත ආදායමෙන් 60%කට වඩා ලැබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලෙනි.

ETF අරමුදලද මෙම යෝජිත බද්දට යටත් වූ විට, අධිභාර බද්දෙන් රජය රැස් කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 100 ප්‍රධාන වශයෙන් මේ රටේ වැඩ කරන ජනතාවට අයත් අරමුදල්වලින් ලබා ගනු ඇත. EPF අරමුදල දැනටමත් 14% බද්දකට යටත් කර ඇති බව ද මෙහිදී මතක් කළ යුතුය.  ඒ අනුව, 2020/2021 මූල්‍ය වර්ෂයේදී රජය විසින්  EPF සඳහා පමණක් 39% ක දැවැන්ත බද්දක් අය කරනු ලබයි.

EPF, ETF, විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂිත අරමුදල් සෑදී ඇත්තේ සේවකයින්ගේ සහ සේවායෝජකයන්ගේ දායකත්වයෙනි. විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නේ මේවායි.

විශ්‍රාමික දිවියේ සුරක්ෂිතභාවය  සහතික කරන මෙම අරමුදල් වැඩකරන ජනතාවට  තීරණාත්මක ලෙස වැදගත් වෙයි. මෙම මුදල් උපයන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවක් වන අතර ඔවුන් කිසිවෙකු තනි තනිව රුපියල් බිලියන 2කට ආසන්නයෙන්වත් උපයන්නේ නැත! ආණ්ඩුව විසින් මේ ඉලක්ක කරන්නේ ඔවුන්ගේ සාමුහික අරමුදලයි.

එහෙත් ආණ්ඩුව අධිභාර බද්ද හඳුන්වා දුන් විට ඔවුන් කියා සිටියේ එය අදාළ වන්නේ මේ රටේ ධනවත්ම සමාගම්වලට සහ පුද්ගලයන්ට පමණක් බවයි.

EPF සහ ETF මත බදු අය කිරීමට ඔවුන් අදහස් නොකළ බවත්, මෙම තත්වයට හේතු වී ඇත්තේ දේශීය ආදායම් පනතේ ‘සමාගම’ යන යෙදුමෙහි අර්ථකථනය බවත් ආණ්ඩුව කියා සිටී.  පරස්පර විරෝධී ස්ථාවරයන් පවත්වාගෙන යාමේ ආණ්ඩුවේ සම්ප්‍රදාය අනුව යමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා   ප්‍රකාශ කළේ EPF සහ ETF සඳහා මෙම බද්ද පැනවීමට තමන් විරුද්ධ බවයි.

මෙය හුදෙක්  ‘අර්ථකථනය’ පිළිබඳ ගැටලුවක් යැයි අපි නොසිතමු. එවැනි ගැටලුවක් නම්, පනත් කෙටුම්පත සකස් කළ අය විසින් EPF සහ ETF අධිභාර බද්දෙන් නිදහස් කිරීමට නිශ්චිත වගන්තියක් ඇතුළත් කර තිබිය යුතුය. ඔවුන් එසේ නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ සේවක අර්ථසාධක හා විශ‍්‍රාම වැටුප් අරමුදල් මත මෙම බද්ද පැනවීමට ආණ්ඩුව මුල සිටම සැලසුම් කළ බවය. මෙය ආදායම් උත්පාදනය සඳහා පහසු ඉලක්කයක් ලෙස ඔවුන් දුටු බව පැහැදිලිය.

ඔවුන්ගේම ක්‍රියාවන් විසින් නිර්මාණය කරන ලද පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ මේ ආණ්ඩුවේ එකම උපායමාර්ගය වන්නේ රටේ ජනතාව මත බර පටවා, අපගේ ප්‍රධාන ආර්ථික සම්පත් විකුණා අනාගත පරපුරටද බර පැටවීමයි. මේ රටේ වැඩ කරන ජනතාවට බදු පැනවීමේ යෝජනාව ඔවුන්ගේ එම උපායමාර්ගයේ තවත් එක් නිර්ලජ්ජිත ක්‍රියාවකි.

EPF සහ ETF අයිති මේ රටේ වැඩ කරන ජනතාවටය. පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශ දෙකෙහි පහළම සේවකයාගේ සිට ඉහළම සේවකයා දක්වා ජනතාවටය. ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය වැනි ආණ්ඩුවේ පෙර  ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම අරමුදල්වලට දැවැන්ත පාඩු සිදු වූ බව අපි දනිමු. අධිභාර බද්ද මෙරට ධනවත්ම පුද්ගලයන්ට සහ සමාගම්වලට පනවන්නක් ලෙස රජය හඳුන්වා දුන්නද සිදු වී ඇත්තේ එය මේ රටේ වැඩකරන ජනතාව වෙතට තල්ලු වීමය.

එපමණක් නොව, මෙම බද්දෙන් උපයන ආදායම ජනතාවගේ සුබසිද්ධිය සඳහා යොදවන්නේ නැති බවත්, එය යොදවන්නේ ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට කරන මංමුලා වූ උත්සාහයන් මත බවත් අපට හොඳින්ම විශ්වාසය.

අධිභාර බද්ද මගින් මෙම අරමුදල්වලට අත පෙවීමට ඉඩ නොතබන්නට ජාතික ජන බලවේගය විසින් සෑම උත්සාහයක්ම ගන්නා බව අපි තරයේ ප්‍රකාශ කරමු.

මෙම මුදල් අධිභාර බද්දෙන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිමු. ආණ්ඩුව මේ විනාශකාරී ප්‍රතිපත්තියේ දිගටම සිටින්නේ නම් ජනතාව දුක් මහන්සි වී උපයන ඉතුරුම් එළිපිට කොල්ලකෑමට එරෙහිව, සියලුම වැඩ කරන ජනතාව පෙළගස්වන්නට සූදානම් බවද අපි දැඩිව ප්‍රකාශ කර සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනරම් තරගයක්… ලකුණු සම වෙයි… ඒත් ඔස්ට්‍රේලියාව දිනුම්!

Next Post

ඇත්ත කියන්නේ ආණ්ඩුව ද? නැත්නම් අයි.එම්.එෆ්. ද?

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.